(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන සීමා සහිතවීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවදානමක්  මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම්  දීම සඳහා වඩා ප්‍රායෝගික විසඳුමක්, පවතින ක්‍රමවේදය තුළ ඉක්මනින්  දිය යුතු  හෙයින් ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන්  ලිඛිතව ඉල්ලීමක් කර ඇත

කෙසේ වෙතත් මේ වනතුරු සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු කිසිදු වගකිවයුත්තෙකු  මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව එහි නියෝජිතයෝ    පෙන්වා දෙති

ඒ අනුව, පවතින ගැටලු  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් රට පුරා සියලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17) දිනයේදී පැවැත්වීමට නියමිතය