(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ දෙකක් වටිනා , සජීවී විසිතුරු පැළ තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ශ්‍රී ලාංකික ගුවන් මඟියෙකු  , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , අද (27) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු 57 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , කඩදාසි කොළ වලින් ඔතා , මෙම විසිතුරු පැළ තොගය සගවා ගෙන තිබුණි .