(ඩී.ජි.සුගතපාල)

විෂ මත්ද්‍රව්‍ය පානය කළ  බස් රථ රියදුරන් සහ ත්‍රි රෝද රථ රියදුරන්  සොයා ගාල්ල බස් නැවතුමේදි අද සිදු කළ පරීක්ෂාවකදි බස් රියදුරන් දෙදෙනකු සහ ත්‍රි රෝද රථ රියදුරන් තිදෙනකු විෂ මත්ද්‍රව්‍ය පානය කර සිටි  බවට තහවුරුවු බව පොලිසිය පවසයි.

දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පොලිසිය එක්ව මෙම වැඩ සටහන පවත්වන ලදි.

එහිදි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය තුලදි පුද්ගලික බස් රථ රියදුරන් 121ක් සහ ත්‍රි රෝද රථ රියදුරන් 29ක් ඇතුලු 150කගේ පමණ මුත්‍රා සාම්පල පරික්ෂාවට ලක් කරණ ලද අතර එහිදි මෙම රියදුරන් පස් දෙනා විෂ මත් ද්‍රව්‍ය පානයකර ඇති බවට තහවුරුවි ඇත.

ගාල්ල කොට්ඨාශ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා පැවසුවේ ඔවුනට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිමට කටුයුත කරණ බවය.

මෙහිදි ජාතික ප්‍රවාහන අධිකාරියේ සභාපති කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ.සි.පී.පෙරේරා මහතා පැවසුවේ මාර්ග අනතුරු අවම කර ගැනිම මෙම වැඩ සටහනේ එක් අරමුණක් බවය. විශේෂයෙන්ම මගින්ගේ මෙන්ම තමාගේ ජිවිතයට සිදුවන හානි පිලිබද රියදුරන් දැනුවත් වියයුතු බවද ඒ මහතා පැවසිය.