IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි

(සුජිත් හේවාජුලිගේ)

දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා  තීරු බද්ද හා බැඳුණු නව ඍතු බද්දක් හඳුන්වා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද  අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම  වැනි කරුණු මෙම බද්ද  අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.

නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වාදිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත්වූ  බව ඔහු වැඩිදුරටත් කීය.



අදහස් (5)

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි

අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:18 PM

ලබන ජනවාරිය වෙන තුරු ඉන්නද ආසාව, එච්චර කල් ඉන්න දුන්නොත් අපිට මැරෙන්න වෙනවා, ඒ නිසා ලබන ඔක්තෝබර් මාසයේ දාහත් වෙනිදායින් පස්සෙ ගෙදර යන්න ලැහැස්ති වෙන්න මහත්තයෝ, ඔයාලා බදු එහාට මෙහාට හරව හරවා ජනතාව පිට බර පටවන්නත් ඔහෙලගේ ගජ මිතුරු ව්‍යාපාරික කල්ලියට ඇති තරම් ලාබා ලබන්නත් අවස්ථාව හදා ගන්න බව අපි දන්නවා.

:       9       14

Hafeel Friday, 29 March 2024 01:49 PM

ලබන ජනවාරි මාසය වන විට චෝදනා කිසිවක් නැතිනම් ගෙදර. එහෙම චෝදනා තියනවා නම්, කෙහෙළියගේ සහායට වැලිකඩට යන්න වෙන්නේ. තවත් වත්මන් පාර්ලිමේන්තුවේ සගයින් එන්න ඉන්නේ...

:       3       8

suren ambewela Friday, 29 March 2024 02:09 PM

අරවින්ද මොණරවිල මහත්තයෝ ඔයා ජාතික ජනබලවේගයේ ප්‍රබල අනුගාමිකයෙක් බව ඔයාගේ සියලු කොමෙන්ට් අනුව ඉතා පැහැදිලියි. ඒක ඔබේ අයිතිය... දන්නේ නැති නිසයි අහන්නේ... පුළුවනි නම් ඉතා පැහැදිලිව කියන්නකෝ ඔබලාගේ රජයක් යටතේ කුමන ආදායම් මට්ටමින් ඉහළ අයගෙන්ද බදු අයකරන්නේ... ඒ කුමන ප්‍රතිශත වලින්ද යනවග.... ඒ එක්කම ඔබලාගේ බදු ප්‍රතිපත්තිය වත්මන් රජයේ ප්‍රතිපත්තිය සමග ඉතා පැහැදිලි සැසඳීමක් ඉදිරිපත් කරන්නකෝ... අපි හැමෝටම තේරෙන ආකාරයට... ඒ වගේම සේවකයින්ගේ වැටුප් වැඩිකරන ආකාරය, රජයෙන් සපයන සේවාවන් වලට අයකරන ආකාරය යනාදිය කියන්නකෝ...! මොකද මම එහෙම කියන්නේ මේ දවස්වල රැල්ලට ජාජබවේ වටා එකතුවෙන් වැඩි පිරිසක් කියන්නේ ඔයාලා ආවාම බදු අයකරන්නේ ඉහළම ධනපතියන්ගෙන් විතරයි කියලයි...

:       5       8

MileshFriday, 29 March 2024 09:50 PM

ඔය තියෙන ඔක්කෝම ප්‍රශ්න වත්මන් ආණ්ඩුවේ ඉන්න හොරුන්ගෙන් ඇහුවා නම් හොඳ නැද්ද?

:       4       3

chandima Saturday, 30 March 2024 06:14 AM

සහනේ ව්‍යාපාරිකයාගේ අතට ගියා කියලා දැනගත්තේ ඡන්දෙ කිට්ටු වෙද්දීද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 336 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 651 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 321 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 1021 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 209 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 464 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site