සුජිත් හේවාජුලිගේ
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කමිටුවේ සභාපති අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම කමිටුව දිගින් දිගටම වර්ජනය කරමින් සිටින බවයි.
ගිය සතියේ රැස්වුණු කමිටුවට සහභාගි වන ලෙස පණිවිඩ දුන්නද එක්සත් ජාතික පක්ෂය නොපැමිණි බව ඔහු සඳහන් කළේය.
කමිටුවට සහභාගි නොවන විපක්ෂය පළාත් සභා ඡන්දය ගැන තැන තැන වල්පල් දොඩවමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා කමිටුවට සහභාගි වන ලෙස විපක්ෂයට නැවතක් ආරාධනා කළේය.
පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වන බව විජිත හේරත් මහතා පැවසීය. "අපිටත් ඕන ඡන්දය ඉක්මනට තියන්න" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පළාත් සභාව මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මෙම වසර අවසානයේ බාරදීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd