(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ පාවිච්චි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද( 4) පැවසීය.
බදුල්ල රත්නපුර හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර රෝහල් වලටත් ලිනියා එක්සලේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
‘පිළිකා රෝගීන් වසරකට තිස් දාහක් අපේ රටේ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර දීම තමයි අඩු වියදම් ක්‍රමය. ලිනියා එක්සලෙටර් උපකරණය තමයි පාවිච්චි කරන්න ඕන. ඒක තමයි නවීනතම උපකරණය. අපේ රටේ තවමත් කෝබෝල්ට් උපකරණ පාවිච්චි වෙනවා. නමුත් පිටරට සතුන්ටවත් ඒ උපකරණය පාවිච්චි කරන්නේ නැහැ. ලිනියා එක්සලෙටර් උපකරණය යාපනය මඩකලපුව කරාපිටිය මහනුවර යන රෝහල් වලට දීලා තියෙනවා. බදුල්ල රත්නපුර හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර යනාදී අනෙක් රෝහල්වලටත් දෙන්න’
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
විපක්ෂ නායකගෙන් චෝදනාවක්