
(සුජිත් හේවාජුලිගේ )
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 12 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පනත් කෙටුම්පත අධිකරණ ක්ෂේත්රයේ අඩුපාඩු නිවැරදි කර කාර්යක්ෂම තැනක් බවට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙළේ එක් සාධනීය පියවරක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පතට අධිකරණ සේවා සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් දැඩි ලෙස විරෝධය පළ කර ඇත.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ
දොළොස් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර (පළමුවන කියවීම) එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට (උසාවි යාමට) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ දින 14ක කාල සීමාවක් හිමිවේ. එම පෙත්සම විභාග කර දින 3ත් 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිම පෙත්සම් ප්‍රමාණය යොමු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදයට මරු පහරක්, අධිකරණ ස්වාධීනත්වයට හයේ පහරක්, මේක කොහොමහරි පරාජය කරල ජේආර් රනිල් ප්‍රේමදාස රාජපක්ෂ සොත්ති, ගෝනවල වර්ගයේ අති සුන්දර පාලනයක් ගේන්න ඕන.
අපිව අමතකද?
මෙය කලයුතුම දෙයක් , ජනපති ඉතා සරලව එය පහැදිලි කලා කලු කබා කාරයන්ගෙ ඉදිරිපිට කට උත්තර නැතිවෙන්න. මෙම පනතට රටේ වැඩි ජනතාවක් කැමතියි, ඒ වගේම නිතිඤ්ඤ ප්‍රජාවගෙන් 80% ක් පමන ඒ අතර ඉන්නව