(ෂේන් සෙනෙවිරත්න)
විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.
අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අද (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මේ වනවිට කෙටුම්පත් කොට ඇති ඒ හා සම්බන්ධ නීති අනපනත්වල අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් බැහැ දැක සාකච්ඡා කිරීමට පැමිණි බවත් මහානායක හිමිවරුන් පෙන්වා දුන් අඩු ලුහුඬුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම අණපනත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කොට ගැසට් කිරීමට බලාපොරොත්තු වන අමාත්‍යවරයා කියා සිටියේය.
ඉන් අනතුරුව කිසියම් නිකායක හිමිනමක් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බවට අදාල නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ නිර්දේශ කොට එවනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මගින් කටයුතු කොට අදාල හිමිනම ශාසනයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
විනය කඩන භික්ෂූන් නෙරපන නීති හැකි ඉක්මණින්
ගමේ එකාලා Wednesday, 13 August 2025 02:26 PM
සමහර අය කරන්නේම බොරු බේගල් සමාජගත කරලා, නැති ප්‍රශ්න ඇති කරන එක, අනුන්ට මඩ ගහන එක... ශාසනයටත් නින්දාවක්...
SAMANWednesday, 13 August 2025 04:29 PM
විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ බලය ඇත්තේ අධිකරණ සංඝ සභාවට නොවේද? විනය විරෝධී ක්‍රියාවන්හි දී රටේ නීතියෙන් චෝදනා ලැබූව හොත් බික්ෂුවකගේ බික්ෂුබවයත් හමාරවීමට නීති තිබිය යුතුවේ...
Pradeep Kumara Wednesday, 13 August 2025 02:43 PM
කාලයක සිට ඉතා දැඩිව අවශ්‍යව තිබූ දෙයක්.
නිපුණ Wednesday, 13 August 2025 02:54 PM
අර ගිටාර් ගහන සාදු ගැනත් ඉක්මණින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මට පේන විදියට එයා කාගෙහරි අතකොළුවක් වෙලා.
කෞෂිWednesday, 13 August 2025 03:23 PM
ත්‍රිපිටකයේ නැති බෝධි පූජා කවි, තොරන් කවි අවුලක් නැද්ද?
මෛත්‍රී වඩන බකල ජයා Wednesday, 13 August 2025 03:11 PM
ඔක්කොම නැතිවෙලා යනකං තව ටිකක් ඉවසා සිටියනම් යෙහෙකි.
sam Wednesday, 13 August 2025 03:16 PM
මොකද කරන්නේ බුද්ධාගම පිළිපදින්නේ නැතිව තමන්ගේ ගතමනාව ගැන හිතන ළමයින්ට බොරු උගන්වන නායක හාමුදුරුවන්ට සහ නිකායන්... කුලයෙන් පිට මහණ නොකර ගන්න නිකායන්, පරම්පරාවට දායාද කරන පන්සල් එහෙම මේවා සම්පුර්නයෙන්ම බුද්ධ ධර්මයට විරුද්ධයිනේ...
ආනන්ද පිටබැද්දර Wednesday, 13 August 2025 03:22 PM
ඉතාම හොඳ කාලෝචිත සත් ක්‍රියාවක්. සමහර හාමුරුවරුන්ගේන් මෙන්ම සමහර භික්ෂුණීන්ගෙන්ද මහජනතාවට විශාල ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම ඉඩම් හා පාරවල් සම්බන්ධව වසර ගණන් නඩු කියනවා. සාසනේට ගියා නම් සියල්ල අතහැර මහණ දම් හරියට පුරාගෙන සසර කෙටිකර ගත යුතුයි. ගිහි අපටත් ආදර්ශයෙන්ම මඟ පෙන්විය යුතුයි. බුදු සසුන බැබලේවා දුසිල්වතුන් ශාසනයෙන් නෙරපේවා... අර අතීතයේ හැටදාහක් නෙරපුවා වගේ...
බද්රානි Wednesday, 13 August 2025 03:38 PM
නීතියට ඉහලින් පුජකයෝ වැජබෙන්න ගියාම නීති විරෝධීව හැසිරෙන එක අහන්නත් දෙයක්ද..? මේ රටේ අනෙකුත් පුජකයින් නීතියට යටත් නම්, ඇයි බෞද්ධ පුජකයින්ට නීතියට අවනත වෙන්න බැරි? සිත, කය කෙසේ වෙතත්, අඩුතරමේ වචනය වත් සංවරයක් නැති බෞද්ධ පුජකයෝ කෙතරම් නම්, මේ ලංකාවේ ඉන්නවද.? මහා නායක වහන්සේලා ඒ ගැන වචනයක් හෝ පවසනවද?
de silva Wednesday, 13 August 2025 04:02 PM
දුශ්ශිල භික්ෂුන් ශාසනෙන් එලවන්න ඕනේ තර්කයක් නැහැ... නමුත් මේවා කරන්න ඕනේ... එම නිකායවල්වල මහා නායක හිමිවරු මිසක් ආණ්ඩුව නොවේ, බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා...
Sama Wednesday, 13 August 2025 05:37 PM
De Silva මම ඔබේ තර්කය පිළිගන්නවා. නමුත් සමහර වෙලාවට හාමුදුරුවරුන් පවා උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා ප්‍රශ්න යටගහනවා. හොඳම උදාහරණයක් මේ වෙලාවේ අගලවත්තේ ප්‍රසිද්ධ පිරිවෙනක් සම්බන්ධව වෙනවා. පන්සලේ හිටි ඇබිත්තයෙක් දැන් ලොකු හාමුදුරුවන්ගේ හිත දිනාගෙන සල්ලි ඔක්කෝම ගන්නවා වගේම දිගටම පොඩි සාමනේර වහන්සේලා අපයෝජනයේ යෙදිලා තියෙනවා. අන්තිමට අහුවෙල අගලවත්ත පොලිසියෙන් අරන් ගිහින් මතුගම උසාවි දාලා රිමාන්ඩ් කරලා. පිරිවෙනේ හිටි ලොකු හාමුදුරුවෝ ගමට විරුද්ධව ඇබිත්තයා පැත්තේ. ඒ හාමුදුරුවෝ නිකායේ ලොක්කෙක්. ගමේ මිනිස්සු මේ ගැන කියන්න නිකායේ මහා නායක හාමුදුරුවන් මුන ගැහෙන්න ගියාම කිව්වාලු පොඩි ප්‍රශ්න දිගට ගෙනියන්න එපා කියලා. මොකද, ගමේ ලොකු හාමුදුරුවෝ නිකායේ අධිකරණ බලතල තියෙන කෙනෙක් නිසා. ඉතින් ගමේ අපි කාටද කියන්නේ? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. ඒ නිසා මෙහෙම වෙලාවට රජයෙන් මැදිහත්වීමක් අවශ්‍යයි....
Chinthaka Wednesday, 13 August 2025 05:49 PM
සිල්වා මහතා කියනදේ ඇත්ත. විනයානුකූලව කටයුතු කිරීමේ බලය නීතියෙන්ම අධිකරණ සංඝනායක හිමිවරුන්ගේ නිර්දේශ මත මහනායක හිමිවරුන්ටම පැවරීම කළ යුතුයි.
Saman Dissanayake Wednesday, 13 August 2025 04:59 PM
විනය කඩන අය නෙරපුවොත් ඒකෙන්වත් ශාසනේ නැති වෙයි. ගිහියන්ට වැඩිය කරන නරකම වැඩ කරන්නේ මේ අය. පුළුවන්ම නම් පන්සිල් රකින්න කියන්න. ඒකවත් රකින්න බෑ. උපසම්පදා වුණු කෝටියක් සංවර සිල් රකින්න ඕනෑ නමුත්...!
ගුණරත්න Wednesday, 13 August 2025 05:06 PM
එතකොට ආණ්ඩුවේ මහා පක්ෂයට සම්බන්ධ චීවරධාරියෝ ටික? උන්දැලා කොණ්ඩා රැවුල් වවාගෙන විපරිත හැසිරීම් ප්‍රදර්ශනය කළා. පහුගිය ආණ්ඩු කාලයේ වර්ජන, උද්ඝෝෂණ තිබෙන දිනවල ඉස්සරහින්ම හිටියේ භික්ෂූන්ට පොලිසියෙන් ගුටි දෙන්නේ නැති නිසා. දැන් ඔවුන්ගේම ලොක්කන් ටික එනවා සාසනේ හදන්න...!
අරවින්ද මොණරවිල Wednesday, 13 August 2025 05:28 PM
සාසනේ රකින්න වුනෙත් සාසනය වනසන්න ආව කිව්ව මාලිමාවේ ආණ්ඩුවටමයි, අපේ හාන්දුවනේ අපේ හාන්දුවනේ කියලා බෙරිහන් දුන්නාට උන් සාසනය රකින්න වැඩ කෙරුවේ නැහැ වැනසුවා මිසක්...
සමන්ත බඩ්ඩ Wednesday, 13 August 2025 07:59 PM
අනේ මම නම් ඕවා කළේ නෑ... මේ දවස්වල මම මහරගම අපේක්ෂා එකේ වාට්ටු අංක 5 අයඩීන් ප්‍රතිකාරය ගන්න ගමන් පට්ට සනීපෙන් ඉන්නේ.. කරපු දේවල් පල දෙන්න අරන් වගේ....