(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දැක්විණි.
එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී ඇත.
වාහන ආනයනයට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශත සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වාහන හිමිකාරිත්වයක් ලබා ගන්නවා යනු ස්වල්ප දෙනෙකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත්වී තිබෙන බවත් එය සංචලතාව, ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහි වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරන බවත් ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට
ranjith Monday, 11 August 2025 12:21 PM
මේ ආණ්ඩුව තබපු තවත් වාර්තාවක්...