IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


වැඩබලන පොලිස්පතිගේ පැටිකිරිය සොයයි

(සුජිත් හේවාජුලිගේ)

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන්නැයි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු  ආයතන කිහිපයකට දැනුම්දි ඇත.

ඔහුට එරෙහිව චෝදනා ඇත්දැයි පිරික්සීම එහි අරමුණ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) සවස 1.30 ට රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි විය.

නෙරපා  හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පොලිස්පති දේශබන්ධු  දෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබීය

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණක් බව දැනගන්නට ඇත.



අදහස් (0)

වැඩබලන පොලිස්පතිගේ පැටිකිරිය සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 639 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site