IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


වැඩක් නොගන්නා රජයේ ඉඩම් ආයෝජකයන්ට

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් - දේපොළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ප්‍රාදේශීය වැවිලි සමාගම්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආර්ථිකමය වශයෙන් ඵලදායි ව්‍යාපෘති සඳහා යොදා ගත හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පුද්ගලික ආයෝජන සඳහා ලබා දීමට 2025 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. 

ඒ යටතේ වැවිලි/ කෘෂි කාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලි බල උත්පාදනය, සූර්ය බල ශක්ති උත්පාදනය, කර්මාන්ත ශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබා දීමට අපේක්ෂා කෙරේ. 

ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති ඉඩම් සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වැඩක් නොගන්නා රජයේ ඉඩම් ආයෝජකයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 715 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site