(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අද පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත අනතුරුව ප.ව 5.00 ට දෙවැනි වර කියවා සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව ඇත. (මෙහිදී විවාදයක් නොපැවැත්වේ)

ඉන්පසු විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය

පාර්ලිමේන්තුව අද 23 සිට 26 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා පැවසීය.