
(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳ අමාත්‍යංශයෙන් මාරුකර යවන ලද අතිරේක ලේකම්වරයකු ඔහු කලින් භාවිත කළ ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද මාරුවී යන විට රැගෙන ගොස් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම අතිරේක ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මාරුකර යවා ඇති අතර ඔහු අතිරේක ලේකම්වරයා ලෙස භාවිත කළ වාහනයද ඒ සමගම රැගෙන ගොස් ඇති බව ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
වෙළෙඳ අමාත්‍යාංශය සතු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඉකුත් 16 වැනිදා සිට අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී එය හිටපු අතිරේක ලේකම්වරයා රැගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇතැයිද ලේකම්වරයා පොලිසියට දන්වා ඇත.
අත්‍යවශ්‍ය සේවා සපයන වෙළෙඳ අමාත්‍යාංශයට එම වාහනය වහාම ලබා දෙන්නැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ.... දැන් බලනකොට ලොක්කෝ වැඩිදෙනෙකුටම ළදරු අවදියේදී දෙමාපියන් රථ කල්කය ලබා නොදීමේ ප්‍රතිඵල තමයි මෙතරම්ම රථගාය තියෙන්නේ.. නොදකින් හිගන්නෝ....
ලංකාවේ තිබෙන මේ වාහන දීමේ ක්‍රමය ඉතාම වැරදියි. සියලුම වාහන රජයේ වියයුතුයි. රාජකාරි වලට විතරක් පාවිච්චි කල යුතුයි. පුද්ගලික පාවිච්චියට වාහනය දුන්නාම මේක වෙනවා. වෙනත් රට වල අගමැතිට තියෙන වාහනේ වත් පුද්ගලික වැඩ වලට ගන්නේ නැහැ. ගත්තොත් ගෙවන්න ඕන.
සහන සේවා සැපයීම සඳහා ප්‍රාඩෝ රථය අත්‍යවශ්‍යයි.
අනේ ඉතින් මොකෝ..? වාහනයක් නැති ලේකම්ට ඔයිට වඩා අලුත් එකක් අරන්දෙන්න. 69 ලක්ෂයේ බලයයි, සල්ලියි දෙකම දීලනෙ තියෙන්නේ.
ඔය රථයටත් ස්ථාන මාරුවක් දීලා ඇති.
දෙන්නම ළදරුවෝ, දෙදෙනාම රජයේ තනතුරුවලට සුදුසු නෑ, කුලල් කා ගන්න අය, ජනතාව ගැන හිතන අය නෙමේ, තනතුරුවලින් පහ කලයුතුය
මේ අර නිල නිවාසයක බලෙන් හිටියා නෝනාද? දැන් අකුරටම වැඩ වගෙ....
පව් ඒ මනුස්සයා ඕක අරන් යන්න ඇත්තේ නැතිකමට. එයාට ඒක දෙන්න. ඔයිට වඩා කොච්චර අපරාධ වෙනවද?
මෙතන අපි හැමෝටම පේනවට වැඩියෙන් දෙයක් වෙලා තියෙන බව පේනවා. අනික රථයටත් ස්තාන මාරුවක් දීලා.
නිල නිවාසෙන් බලහත්කාරෙන් ඉදලා පන්නපු නෝන නේද මේ?
ප්‍රාඩෝ වලින්ද වෙළදාම් කරන්නේ? මෙ අය යවන්න ඔනෙ ලොරියකින්.