ගෘහ ආර්ථීක විෂයය පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ගෘහ විද්‍යා දිනයක් රහලිය 2014 නමින් මාලබේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයයේ දී පැවැත්විණි.
ඉවුම් පිහිම් මැහුම් ගෙතුම් ආදී එදිනෙදා ගෘහ පාලනයට අදාල සියලු කටයුතු ඇසුරෙන් ලැබු පුහුණුව කළ එළි දැක්වීම මෙහිදී සිදු වු අතර ආහාර පිළිගැන්වීමේ ක්‍රම ආහාර මගින් කළ හැකි සැරසිලි ආදීය මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබිණි.
විදුහල්පතිනි සී කේ වික්‍රමාරච්චි මහත්මියගේ උදෙස් පරිදි මහරගම අධ්‍යාපන කොට්ඨාසයේ ගෘහ විෂයභාර අධ්‍යක්ෂිකා යමුනා මහානාම මහත්මිය සහ රාහුල බාලිකා විද්‍යාලයයයේ ගෘහ විද්‍යා විෂයය භාර චමිදි ජයකොඩි මහත්මිය වැඩසටහන සංවිධානය කළහ.
මේ සඳහා සම්පත් දායතක්වය ලබා දීම සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් ආයතනයේ පුහුණු කළමනාකාරීනී හංසිකා විජේසිංහ කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා තනුජා රංගොඩගේ ගෘහ ආර්ථික විෂය භාර ගුරු උපදේශිකා ඒ ඩී සමරකෝන් යන මහත්මීන් ඇතුළු පිරිසක් ද එක්වූහ අළංකාර ඔසරිවලින් සැරසී සිටි රාහුල බාලිකාවෝ ඔවුන්ගේ රහලිය 2014 හැඩ ගැන්වීම සඳහා වේදිකාවට රංගනයක්ද එක් කළහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ,හොද දෙයක් ,අගය කරනවා (නදී)
අපිට නම් රොටි පුච්චන්න පුළුවන්. (නදී)
ළමයි ටික නම් හොඳයි (නදී)
බොහොම හොද වැඩක් (නදී)
මාලබේ රාහුල විදුහල ලංකාවේ උසස් මට්ටමේ ලකුණු ලබා ගත හැකි විදුහලකි. (නදී)
තරංග කියපු එක හරියට හරි....... (දී)
මටනම් හිනාත් යනවා (දී)
හරිම වටිනා වැඩක්. දැන් ඉන්න ගොඩක් ගැහැණු ළමයින්ට උයන්න, මහන්න මොකුත් බැහැ. ඇඳුම් කඩෙන් ගන්නවා. කේක් ,රසකැවිලි කඩෙන් ගන්නවා. හැම පාසලක්ම මෙවැනි පුහුණුවක් දිය යුතුයි.දැන් ගොඩක් ළමයි දන්නේ ඇහිබැමයි, මුහුණයි පාට කරගෙන ඩෙනිමක් ඇඳගෙන, නලව නලවා පාරේ යන්න විතරයි. (නි)
හොඳ දෙයක්. පිට පළාත් වලටත් දියත් කරනවා නම් හොඳයි. (නදි)
ඉතාම් හොද වැඩක්. ගැහැණු ළමුන්ට මහගු අත්දැකීම් ලැබෙනවා. මෙය දිවයිනේ අනෙක් පාසල් වලද කල යුතුය. සුබ පතමි. (දී)
බැලු බැල්මට ගුවන් සේවිකා පුහුණුවක් වගේ . බාලිකා ඇඳුම් සහ බැනරයේ ලාංචනය මොනර පිලක් සම්බන්ධ නිසා. (දී)
හරිම ලස්සන නංගිලා (දී)
ඉතාම ශ්‍රේස්ඨ සේවාවක්. ශුභ පතමු. (නදී)
මේ ළමයින්ට සිංහල ක්‍රමයට ඉවුම් පිහුම් කරන්න දන්නවද කියල මටනම් සැකැයි. රෝල්ස්, කේක් වගේ දේවල් හදන එක නෙවෙයි ගෘහ ආර්ථීක විෂය කියන්නේ (නදී)
එළවළු , පලතුරු වලින් සැරසිලි කරලා ඒවා නාස්ති කරන එක හොද වැඩක් නෙවෙයි, ආහාර නාස්ති කරන එක සිංහල කම නෙවෙයි, ළමයින්ට උගන්වන්න මිට වඩා දේවල් තියෙනවා. (නදී)
කෑම මේසයක් අරින හැටිත් කියලා දෙන්න. (නි)
හරිම වටිනවා (නි)
බොහොම හොඳයි (නි)
වැඩේ නම් හොඳටම හොඳයි. ඒත් පරහකට තියෙන්නෙ මෙච්චර ලස්සනට ඇඳගෙන වලං රත් කරන්න පුළුවන්ද කියන එකයි. ඉවිල්ලත්බොහොම ප්‍රායෝගික ක්‍රියාවක්නෙ. ඒකට අදාළ ඇඳුම් අන්දලම මේ වැඩේ කලා නම් බොහොම අගෙයි. කොහොමටත් එක අතකින් මේ ක්‍රියාව අද කාලෙ හැටියට නම් බොහොම පින් ලැබෙන දෙයක්.(නදී)