ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති.
වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළේ සුදා හෙළිකළ නම් සාමාන්‍ය කෙනෙකුගේ වුණා නම් මේ වනවිටත් ඔවුන් අත්අඩංගුවට අරගෙන නැද්ද? (නි)
සත්‍යපාල මම ලංකාවේ හිටියනම් ටොපි බෝතලයක්ම ගෙනත් ඔයාගේ කටට දමනවා ...කතාවනම් සහතික ඇත්ත. (බ)
කොහොමත් මෙයාට ගැළවීමක් නැහැ. මෙයා මැරුනොත් ගොඩක් දේවල් යටයනවා. ඒක වළක්වා ගන්න නම් මෙයා ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
බණ්ඩාර, ඔයා කියන්නේ මෙයාට මැරෙන්න ඉඩදීලා ඔක්කොම යටගහන්න කියලද? (නි)
මේ විදිහට කතා කරන අය කී දෙනෙක් සුදු වෑන්වල ගියාද. (නදී)
අන්තිමට ලොවෙත් නැති අහිංසකයෙක් මේවට වැරදිකරු කරලා මෝරු ටික ජයටම වැඩේ කරගෙන යයිද දන්නෙ නැහැ. (නි)
නදීක, සම්පූර්ණ ඇත්ත. (නි) .
වෙළේ සුදා සෝබිත හාමුදුරුවන්‍ට කතා කරල කිව්‍වද ? (නදී)
අනේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔය මරන්න හදන පිරිසගේ තොරතුරු ටික පොලිසියට දුන්නා නම් ඒ කුමන්ත්‍රනයත් අහවරයි නේද? (නදී)
අනේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔය මරන්න හදන පිරිසගේ තොරතුරු ටික පොලිසියට දුන්නනම් ඒ කුමන්ත්‍රනයත් අහවරයි නේද? (නදී)
ඔයා සත්‍යපාල වෙලත් තාම සත්‍ය වැටහෙන්නේ නැහැ (නදී)
ආයෙත් මතක නැහැ කිවුවොත් මොකද වෙන්නේ? (නි)
අනේ! අපි වෙළේ සුදා බේරාගනිමු (නි)
බණ්ඩාර තාම පරණ මඩ වළේම බැහැලා දිය බුං ගහනවා. මේ වගේ අඳුරේ ඉන්න අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
මේ වනතුරු වැරදිකර හිරේගිය දේශපාලකයෙක් ගැන කවුරුහරි කියනවද? මේවාත් ඔය විදිහටම ටික කලක් යනතුරු මිනිසුන්ට රසයක් දෙන වැඩ වෙයි. අන්තිමට අපි තමයි රැවටෙන්නේ.අද හෙට කවුරුහරි කියයි කුඩු ගෙන්න එක දැනට සම්පුර්ණයෙන්ම නවත්වන්න බැහැ.හේතුව කුඩු වලට දීර්ඝ කාලයක් ඇබ්බැහි වී සිටි අය එකපාරටම කුඩු නැවැත්වුවවොත් එයාලා සියදිවි හානි කරගන්නවා.එබැවින් එවැනි අයගේ භාරකරුවන්ගේ ඉල්ලීම මත කුඩු ගෙන්වීම පියවරින් පියවර තමයි නවත්වන්නේ කියලා.මේක එහෙම රටක්. (නි)
ආණ්ඩුව පරණ වුණත් අලුත් වුණත් හැදිලා තියෙන්නේ පරණ අයගෙන්මනේ. ඕකනේ ප්‍රශ්නය චාමර මහත්තයෝ. (නි)
වෙළේ සුදා අපි වගේ කෙනෙක්ගේ නම කිවුවා නම් එවෙලේම කණට දෙකක් ගහලා ඇදගෙන යයි. මන්ත්‍රීගේ නම කිවුවට එහෙම ගෙනියන්න බැහැනේ. (නි)
චාමර ..අලුත් ආණ්ඩුවක් කිව්වට ඔය ආවේ පරණ කස්ටියම තමා මෙයාලට කලින් යන්න උනේ රටට දෙයක් නොකරපු නිසයි,එයාල රටේ සම්පත් විකුනපු නිසා , කොටීන්ව නලවපු නිසා, ඔය ඔක්කොම පිල් මාරු කර කර අපිව අන්දවන එක විතරමයි වෙන්නේ.. කව්රුත් නිවැරදි තීරණ ගන්න නැහැ මොකද හැමෝම කොහෙන් හරි ඕවට ගෑවීලා නිසා...(බ)
අනේ ඔව් හාමුදුරුවනේ මේ වගේ ජාතික වීරයෝ බේරගන්න ඕනේ. කව්රුත් දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලා. (නදී)
සැකකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිම පොලිසිය, බන්දනාගරය සහ අදිකරනයේ වගකීමක්. අපේ හාමුදුරුවරුන්ට තිබෙන සමාජ වගකීම සහ කාර්යබාරය මීට වඩා වෙනස් බව සෝබිත හාමුදුරුවන්ටත් අමතකවෙලා. ඇයි මොකටද උන්වහන්සේ කුඩුකාරයො වෙනුවෙන් පෙනී සිටින්නෙ.(නදී)
මේ දේවල් වලින් සිවුරට තිබෙන අපේ ගෞරවය විනාශ වෙනවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වුණ දෙයක ප්‍රතිඵල අද නැහැ. පසුගිය ආණ්ඩුවේ වැරදි තිබුන බව ඇත්ත. නමුත් අද ජාතියක් විදියට සිංහලයන් පැරදිලා. (නි)
බන්දුල පෙරේරාට ඕනෑ මඩ ගොඩේම ලගින්න නේද? යහපාලනයක් ඇවිල්ලා නීතිය , සාමය රැකෙන සමාජයකට ඔයාලා බයයි නේද? (නි)
ඒක නම් ඇත්ත. අපේ හාමුදුරුවන් කියන දේ ගැන අවධානය යොමුකළ යුතුයි (නි)
සත්‍යපාල මහත්තයෝ, දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. පරණ කට්ටිය ගිය ඡන්දෙන් පැරදුනා. (නි)
දැනට බලයේ ඉන්න කාගේහරි නමක් කියලද දන්නෙ නැහැ. එහෙමනම් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
දස දහස් ගණනක් දරුවන්, පියවරුන් රෝගීන් කර මරාදැමු මේ තිරිසනාට දියයුතු දඬුවම කුමක්දැයි සඳහන් කරන්න. (නි)