වළල්ලාවිට ප්‍රාදේශිය සභා සේවකයිනට දෙසැම්බර වැටුප ගෙවනතුරු  බිමට නොබසින බව කියමින් එහි විපක්ෂ නායක ඇතුළු එජාප මන්ත්‍රීවරු තිදෙනෙක්  වහළට ගොඩවුහ.

වැටුප් ගෙවීමට බැංකුවෙන් මුදල් ගෙන ඒමට ලේකම් ඊ ඒ ශාන්තිලතා මහත්මිය පියවර ගැනීමත්  සමඟ විපක්ෂ නායක දීලීප් කුමාර් පිටිගල,මන්ත්‍රීවරුන් වන අරුණ දීප්ති ගුණසිංහ හා  ජයසිංහ මල්ලවආරච්චි මහත්වරු පැයකට පමණ පසු  බිමට බටහ.

ඔවුන් පැවසුයේ සෑම මාසයකම 22 වැනිදා ගෙවන වැටුප් මෙවර නොගෙවු බවයි.

ලේකම් ශාන්තිලතා මහත්මිය පැවසුයේ වැටුප් ගෙවීමේ ස්ථිර දිනයක් නැති නමුත් 25 වැනිදාට පෙර වැටුප් ගෙවන බවයි.