IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වහල් වැඩ ගත් ලක් කතකට සල්ලි මල්ලක් ?

පසුගිය වසර 13ක කාලයක වැටුප් ලෙස සෞදි රියාල්  68000 ක් (රුපියල්  2424941) ගෙවන ලෙස හයෙල් මහා‍‍‍‍ධිකර‍ණය  ඇගේ හාම්පුතා වෙත නියෝග නිකුත් කර ඇති බවටත් ඊට අමතරව ඉස්මයිල් උම්මා නැමැති මෙම කාන්තාවට ලංකාවට යාම සඳහා  ගුවන් ගමන් ගාස්තු ගෙවන ලෙසත් නියෝග කැර ඇති බවත් ඇරැබි නිවුස් පුවත්පත සඳහන් කරයි.

දැනට මෙම කාන්තාව හයෙල් කාන්තා සුභසාධන කඳවුරේ  පොලිස් ආරක්ෂාව යටතේ පසුවන බව මුඛාරක්  අල් කතානි නැමැති ඇයගේ හාම්පුතා  හයෙල් අධිකරණ තීන්දුවට එරෙහි  රියාද් අභියාචනාධිකරණයේ  ඇපෑලක් ගොනු කර ඇති බවද පවසයි.

බේරුවල  පදිංචිකාරිනියක් වන  (59)   හැවිරිදි ඉස්මයිල් උම්මා තම දියණියන් තිදෙනාගේ  අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා සෞදි අරාබියට පැමිණ ඇත්තේ  රියාල් 400 (රුපියල් 14264) වැටුපකට බව සඳහන්ය.

 ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයේ බලධාරීන් පවසනුයේ 2014 වසරේ  උම්මා  සහ ඇගේ හාම්පුතා  ගමන් බලපත්‍රය අලුත් කැරගැනීමට  තානාපති කාර්යාලයට පැමිණ ඇති අතර ඇයගෙන් වැඩිදුර විමසීමේදී  හෙළි වී ඇත්තේ වසර 13 පුරාවටම වැටුප් සහ නිවාඩු ලබා නොදී වහල් සේවයේ යොදවා ඇති ඇති බවයි.

 කාන්තාව තානාපති බලධාරීන්  වෙත පැමිණි අවස්ථාව වන විට ඇයට සිය මව් බස වන දමිල බස කතා කිරීමට අමතකව ගොස් තිබු බවත් ඇයට කතා කළ හැකිව තිබුණේ  අරාබි භාෂාව පමණක් බවත් පැවැසේ.

 ඉස්මයිල් උම්මා  ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ  ලියාපදිංචි කර පොලිසියටද පැමිණිලි කැර ඇත.

ශ්‍රී ලංකා තානාපති බලධාරීන් පවසනුයේ විශේෂයෙන් හා  ගෘහ සේවිකාවන්ගේ    වැටුප් නොගෙවීම සහ ගිවිසුම් උල්ලංඝණය  කිරීම පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම දවසේ පැය විසිහතර පුරාම විමසිල්ලෙන් සිටින බවයි.

 සෞදි අරාබියේ  ශ්‍රී ලංකා තානාපති  හුසේන් මොහොමඩ් හුසේන් මහතා පැවසුයේ නිත්‍යනුකූලව රැකියාව කරමින් සිටින ඕනෑම කෙනකු වෙනුවෙන් නීතිය මගින් ක්‍රියා කිරීමට බලධාරීන් පසුබට නොවන බවයි.

umma-poto

 



අදහස් (0)

වහල් වැඩ ගත් ලක් කතකට සල්ලි මල්ලක් ?

සම්පත් - ඩුබායි Monday, 23 March 2015 06:04 AM

අපේ එම්බසි එකක් ඔය වගේ වැඩකට කාලෙකින් අත දාපු නිසා ලොකු ප්‍රවෘත්තියක්. එම්බසි හරියට වැඩ කරනවා නම් ඕන තරම් ඕවගේ දේවල් හොයන්න පුළුවන්. (ත)

:       0       0

ඉසුරන්දි Sunday, 22 March 2015 06:25 AM

තවත් කොච්චර නම් ඇද්ද හාම්පුතුන්ට යටවෙලා වැඩකරන, මේ වගේ (නි)

:       0       0

සුසන්ත Sunday, 22 March 2015 06:46 AM

පොළොන්නරුවේ කාන්තාව කෝ දැන් (දිල්)

:       0       0

අසංග Sunday, 22 March 2015 08:03 AM

ඒ අයගේ මව් බස කෙසේද දමිල බස වෙන්නේ? (නදී)

:       0       0

ශාන් Sunday, 22 March 2015 08:23 AM

අනේ ඉතින් ඇයි යන්නේ ? ලංකාවේ හිටියයි කියලා සැප ලැබෙන්නේ නැහැනේ (නදී)

:       0       0

මුන්නා Sunday, 22 March 2015 08:35 AM

මිස්ටර් අසංක , ලංකාවේ මුස්ලිම් කට්ටිය ඉන්නවා තුන් මව් භාෂාවක් කතා කරන එකක් දමිල , එකක් සිංහල කතා කරන මුස්ලිම් අනෙක මෙළේ කතා කරන කට්ටිය , මෙය ඔබට දැනගන්නයි කිව්වේ නොදන්නවානම් (බ)

:       0       0

සුදෙල්මි Sunday, 22 March 2015 09:43 AM

මව්භාෂාව කියන වචනයෙන් තේරුමවත් බලන්නේ නැති අසංග වගේ නුගත් මිනිසුන් හා ශාන් වැනි හිස් මිනිසුන් පිරුණු රටක දෙමළ මුස්ලිම් සිංහල දරුවන්, බිරින්දෑවරුන්, දයාබර මවුවරුන් තම දරුවන් හට හොඳ හෙට දවසක් පතාගෙන මෙවැනි කාන්තාරවල වැඩට යන එක මේ නව රජයවත් මැදිහත්වෙලා නවතා දමනවා නම් අපිත් ලෝකේ මිනිසත්බව දන්නා රටක් වේවි. (නි)

:       0       0

වික්‍රමපාල Sunday, 22 March 2015 07:38 PM

ඇත්තෙන්ම ඇයට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

මෛත්‍රී Sunday, 22 March 2015 11:29 AM

තවම ඉතින් ලැබිලා නැහැනේ! (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 22 March 2015 11:40 AM

මට මේ ගැන කියන්න වචන නැහැ (නි)

:       0       0

ජයන්ත වීරසිංහ Sunday, 22 March 2015 03:54 PM

හොඳ තීන්දුවක්. සහභාගී උන සැමට ස්තුතියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 89 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site