පසුගිය වසර 13ක කාලයක වැටුප් ලෙස සෞදි රියාල් 68000 ක් (රුපියල් 2424941) ගෙවන ලෙස හයෙල් මහාධිකරණය ඇගේ හාම්පුතා වෙත නියෝග නිකුත් කර ඇති බවටත් ඊට අමතරව ඉස්මයිල් උම්මා නැමැති මෙම කාන්තාවට ලංකාවට යාම සඳහා ගුවන් ගමන් ගාස්තු ගෙවන ලෙසත් නියෝග කැර ඇති බවත් ඇරැබි නිවුස් පුවත්පත සඳහන් කරයි.
දැනට මෙම කාන්තාව හයෙල් කාන්තා සුභසාධන කඳවුරේ පොලිස් ආරක්ෂාව යටතේ පසුවන බව මුඛාරක් අල් කතානි නැමැති ඇයගේ හාම්පුතා හයෙල් අධිකරණ තීන්දුවට එරෙහි රියාද් අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කර ඇති බවද පවසයි.
බේරුවල පදිංචිකාරිනියක් වන (59) හැවිරිදි ඉස්මයිල් උම්මා තම දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා සෞදි අරාබියට පැමිණ ඇත්තේ රියාල් 400 (රුපියල් 14264) වැටුපකට බව සඳහන්ය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ බලධාරීන් පවසනුයේ 2014 වසරේ උම්මා සහ ඇගේ හාම්පුතා ගමන් බලපත්‍රය අලුත් කැරගැනීමට තානාපති කාර්යාලයට පැමිණ ඇති අතර ඇයගෙන් වැඩිදුර විමසීමේදී හෙළි වී ඇත්තේ වසර 13 පුරාවටම වැටුප් සහ නිවාඩු ලබා නොදී වහල් සේවයේ යොදවා ඇති ඇති බවයි.
කාන්තාව තානාපති බලධාරීන් වෙත පැමිණි අවස්ථාව වන විට ඇයට සිය මව් බස වන දමිල බස කතා කිරීමට අමතකව ගොස් තිබු බවත් ඇයට කතා කළ හැකිව තිබුණේ අරාබි භාෂාව පමණක් බවත් පැවැසේ.
ඉස්මයිල් උම්මා ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ ලියාපදිංචි කර පොලිසියටද පැමිණිලි කැර ඇත.
ශ්‍රී ලංකා තානාපති බලධාරීන් පවසනුයේ විශේෂයෙන් හා ගෘහ සේවිකාවන්ගේ වැටුප් නොගෙවීම සහ ගිවිසුම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම දවසේ පැය විසිහතර පුරාම විමසිල්ලෙන් සිටින බවයි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා පැවසුයේ නිත්‍යනුකූලව රැකියාව කරමින් සිටින ඕනෑම කෙනකු වෙනුවෙන් නීතිය මගින් ක්‍රියා කිරීමට බලධාරීන් පසුබට නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එම්බසි එකක් ඔය වගේ වැඩකට කාලෙකින් අත දාපු නිසා ලොකු ප්‍රවෘත්තියක්. එම්බසි හරියට වැඩ කරනවා නම් ඕන තරම් ඕවගේ දේවල් හොයන්න පුළුවන්. (ත)
තවත් කොච්චර නම් ඇද්ද හාම්පුතුන්ට යටවෙලා වැඩකරන, මේ වගේ (නි)
පොළොන්නරුවේ කාන්තාව කෝ දැන් (දිල්)
ඒ අයගේ මව් බස කෙසේද දමිල බස වෙන්නේ? (නදී)
අනේ ඉතින් ඇයි යන්නේ ? ලංකාවේ හිටියයි කියලා සැප ලැබෙන්නේ නැහැනේ (නදී)
මිස්ටර් අසංක , ලංකාවේ මුස්ලිම් කට්ටිය ඉන්නවා තුන් මව් භාෂාවක් කතා කරන එකක් දමිල , එකක් සිංහල කතා කරන මුස්ලිම් අනෙක මෙළේ කතා කරන කට්ටිය , මෙය ඔබට දැනගන්නයි කිව්වේ නොදන්නවානම් (බ)
මව්භාෂාව කියන වචනයෙන් තේරුමවත් බලන්නේ නැති අසංග වගේ නුගත් මිනිසුන් හා ශාන් වැනි හිස් මිනිසුන් පිරුණු රටක දෙමළ මුස්ලිම් සිංහල දරුවන්, බිරින්දෑවරුන්, දයාබර මවුවරුන් තම දරුවන් හට හොඳ හෙට දවසක් පතාගෙන මෙවැනි කාන්තාරවල වැඩට යන එක මේ නව රජයවත් මැදිහත්වෙලා නවතා දමනවා නම් අපිත් ලෝකේ මිනිසත්බව දන්නා රටක් වේවි. (නි)
ඇත්තෙන්ම ඇයට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
තවම ඉතින් ලැබිලා නැහැනේ! (නි)
මට මේ ගැන කියන්න වචන නැහැ (නි)
හොඳ තීන්දුවක්. සහභාගී උන සැමට ස්තුතියි (නදී)