සෞදි අරාබියේ වසර 13 ක කාලයක් කිසිදි වැටුපක් හෝ නිවාඩුවක් නොලබා වහල් සේවයේ යෙදවූ කැකිරාවේ එම් එච් ධනවති මහත්මිය බදාදා (25) රාත්‍රීයේ රියාද් සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ යු එල් 266 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කොළඹට පිටත් කර යැවු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය .
ධනවතිට හිමිවූ ලක්ෂ 21 ක් චෙක් පතක් මගින් අද දින (26) ඇයගේ අතටම ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු සුභසාධන අමාත්‍යවරිය කටයුතු කළ බවද රොෂාන් මහතා සඳහන් කරයි
දනවති මහත්මිය පසුගිය 6 වැනි සිකුරාදා නැගෙනහිර කලාපිය ජංගම සේවාවට පැමිණියේ ඇයගේ හාම්පුතා සමග තම ගමන් බලපත අලුත් කර ගැනීම සඳහාය. සොයා බැලීමේදී හෙළිවුයේ වසර 13 ක් කාලයක් පුරාවට කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් ලබා නොදී ඇය වහල් සේවයේ යොදවා ඇති බවයි.
ඒ අනුව තානාපති බාරයට ගත් ධනවති හට ලැබිය යුතු සියලු මුදල් සහ ගුවන් ගමන් ගාස්තුද හාම්පුතා යැයි කියන ගත සිරියා ජාතිකයාගෙන් අය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති බලධාරීන් කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය ඉටුකළ සැමට තුති (ම)
ඈත්තනේ දෑන් ධනවතියක්ම තමයි (ම)
ලක්ෂ 21 හොදටම මදි. කෝටියක් වන්දි දෙන්න ඕන. වසර 13ක් වහල් වැඩ, වැටුප් නොලැබීම, තාඩන පීඩන, ඔක්කොටම. (අ)
හැම දේම වෙන්නේ හොදටලු, ඔබ දැන් නියම ධනවතියක්.(හේ)
විශිෂ්ඨයි ශ්‍රී ලංකා තානාතිපති කණ්ඩායමට උපහාරය !(හේ)
අවුරුදු දොළහටම ලක්ෂ විසිඑකද ?(දිල්)
විශිෂ්ඨයි. ශ්‍රී ලංකා තානාතිපති කණ්ඩායමට උපහාරය. (ස)
ධනවතී නැන්දේ උණු දේට හුගක් දුක් උනා අපි. කබාය නැතුව සිංහල ඇදුමක් බය නැතුව ලංකාවට ආවම දා ගන්න .. අපි හොද සිංහලයෝ නැන්දේ ...(ම)
මෙතුමිය යහතින් නැවතත් රටට ආපු එක ගැන බොහොමත්ම සතුටුයි. අදත් මම ප්‍රවෘත්තියක් දැක්කා සවුදියට ගිය කතුන් දෙදෙනෙකුගේ ජිවිත නැති වුන බව.(ම)