(කාංචන කුමාර ආරියදාස )
කිසිදු වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය කිරීම සදහා වසර එකහමාරකට පෙර සිට රියදුරු පත්වීමක් ලබාදී සේවකයකු ඒවා තිබෙන බවත් වාහනයක් ලැබෙන තුරු ජනතා මුදලින් ඔහුට වැටුප් ගෙවා පාසලේ රැදී සිටින බවත් එම පාසලේ සංවර්ධන සමිතියේ දෙමාපියෝ පිරිසක් පවසති .
නාවුල ශ්‍රී නාග පාසලට අඩුම තරමේ පාපැදියක් හෝ නොමැතිව තිබියදී මෙසේ නව පත්වීම් ලබාදී එවන බවත් දැනටමත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 15 දෙනකු පමණ සිටින බව ද ඔවුහු කියති .
මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පති ටියුඩර් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ තම පාසලට එසේ රියදුරකු ඒවා තිබෙන බවත් ඔහුට වෙනත් සේවාවක් පවරන්නට නොහැකි බවත් ය.
දැනට වසර එකහමාරක පමණ කාලයක් පාසලේ රැදී සිටිමින් වැටුප් ලබාගන්නා බවත් තමන් මේ ගැන කලාප කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඒ මහතා කීය.
කලාප කාර්යාලයේ රියදුරන් තුන් දෙනකු සිටින නිසා එම සේවකයා තම පාසලේ සිටින බවද විදුහල්පතිවරයා පැවසීය.
තමන් සේවක පුරප්පාඩු සදහා රියදුරන් ඉල්ලා නොමැති බවද පෙරේරා මහතා පැවසිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයක් ඉටු නොකර කුමටද ඔහුට වැටුප් ගෙවන්නේ? මෙතනත් මොකක් හරි දේශපාලන මගෝඩිකමක් ඇති. වැටුප් ගෙවීම වහාම තහනම් කල යුතුයි. !
ඕක මොකක්ද? කෘෂිකර්මෙට හිස් ගොඩනැගිල්ලකට මාසෙකට කෝටි ගාණක් ගෙවන්නේ...
ඕකත් මොකක්ද?... කිසිම වැඩක් නැතිව ඇමැතිවරු කීදෙනෙක් ඉන්නවද?
විදුහල්පති තුමාට තියෙන්නේ මේ රියදුරාට අදාළ කර්තව්‍යය පිළිබඳව අධ්‍යාපන කාර්යාලයෙන් ලිඛිත උපදෙස් ඉල්ලන්නයි!
පොලිටික්කෝ උසයි !!! උසයි !!! අට පාස් නැති අය කොහොමද පත්වීම් ගැන දන්නේ?
අලියා පස්සේ ගන්ට බැරුවැයෑ... හෙණ්ඩුව කලින්ම දුන්නු එකේ වටිනාකම දන්නේ නැතුවයි පැමිණිලි කරන්නේ.....
කලාප කාර්යාලේ ඉන්න අධ්‍යාපන විශේෂඥයෝ දන්නවා ඇති ඉස්කෝලවලට ගොඩනැගිලි, බංකු, පුටු දෙනවට වඩා කාට හරි මන්ත්‍රී කැචර් කෙනෙකුට රස්සාව දෙන එක අනාගතේට වැඩ දායක බවයි.
අකිල කියන දේශප්රේමියාගෙන් මේ ගැන විමසීමක් කරන්න ඕනෑ.
මේ විදියට දිගාමඩුල්ලේ ආසනයේ හැමෝටම අධ්‍යාපන අමාත්‍යංශයේ රක්ෂා ලැබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සෑම පාසලකටම අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් 5 සිට 30 දක්වා සංඛ්‍යාවක් මෑතකදී පත්කර තියෙනවා.
මේ පත්වීම දී ඇත්තේ පාසල් ළමුනට වාහන පැදවීමේ පුහුණු කරන්ට වෙන්න ඇති. "රිය-අදුරු".