(මොහොමඞ් බුහාර්ඩින්)
සංචාරක මගපෙන්වන්නෙකු පැදවු මෝටර් රියක් වාහන 4 ගැටිමෙන් අද ( 30) සිදුවු රිය අනතුරකින් සංචාරකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි
මෙරටට පැමිණි ජපන් ජාතිකයෙකු කොළඹ සිට පොලොන්නරුව බලා මෝටර් රථයකින් රැගෙන යමින් සිටි සංචාරක මග පෙන්වන්නෙකු පැදවු කාර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල කලහකැලේ ප‍්‍රදේශයේදි මාර්ගය අසල නවතා තිබු ලොරි රථ දෙකක යතුරුපැදියක හා ති‍්‍රරෝද රථයක ගැටි පාරෙන් දකුණු පසින් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලි ගිය බව පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළි වී තිබේ.
අනතුරන් පසු කම්පනයට පත් වු ජපන් ජාතික විදේශිකයා යතුරුපැදියේ සිටි තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රොහලට ඇතුළත් කර ඇත.
අනතුරින් වාහන කිහිපයටම දැඩි ආලබහානි සිදුවි ඇත
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හරිස්චන්දු මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බොහෝ දෙනා වාහන පදවන්නේ වඳුරට දැලිපිහිය ලැබුණාක් මෙනි.
පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා රියඅනතුරු දිනපතා සිදුවෙනවා. පොලිසිය මෙම සියල්ලට වග කිව යුතුය.
ලංකාවේ රියදුරන්ගේ හැටි තමයි.
මම ලෝකයේ රටවල් 12ක රිය පදවා ඇත්තෙමි. ඉන්දියාවට පසුව අවිනීත රියදුරන් සිටින්නේ ලංකාවේය. තායිලන්තයේත් මෙහෙට වඩා සංවරය. මෑතකදී සංචාරකයන් ගමන්ගත් වාහන වලින් සිදුවුණු තෙවන අනතුර මෙයයි. විදේශිකයින් ප්‍රවාහනය සඳහා වෙනම නියාමනයක් අවශ්‍යය. නැත්නම් රටට නරක නම..
ජපනා අයෙ නම් මේ රටට පය තියන එකක් නැහැ! ජපන්නු අපේ රටට නොඑන තරම්, ඒ අපිරිසිදුකම නිසා. බැලූ බැලූ අත කුණුගොඩවල්...
රටේ මහා අය රට පදවන විදියට පොඩි අය වාහන පදවනවා
කොහොමත් ගයිඩ් ලා සුද්දන්ට බොරු මැජික් පෙන්නලා ගාන කපා ගන්න එකනේ ජොබ් එක .
වේග සීමා පැනවීම අනිවාර්යය කරන්න. නගරසීමා වල ධාවන වේගය 50 දක්වා සීමාකිරීම අනිවාර්ය කරන්න.