වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි.
පීඩාකාරී ආඥා පනත යටතේ මේ පියවර ගැනේ.
බොහෝ බස් රියදුරන් කන් බිහිරි කරවන ආකාරයෙන් ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට පැමිණිලි ලැබී ඇත.
වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි.
පීඩාකාරී ආඥා පනත යටතේ මේ පියවර ගැනේ.
බොහෝ බස් රියදුරන් කන් බිහිරි කරවන ආකාරයෙන් ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අතියන්තම්. නැත්තම් අපේ මානසික පීඩනය දෙගුණ වෙනවා බස් එකේ ගියාම. (අ)
ඒ විතරක් නෙවෙයි පාර දෙපැත්තේ තියන ලෙඩ් ඩිස්ප්ලේ වලටත් මොකක් හරි ප්‍රමිතියක් ගේන්න ඕනේ. රෑට ඇස් ගිනිකන වැටෙනවා මේවා නිසා. එන්න එන්නම මේවා වැඩිවෙනවා හැම ප්‍රධාන හන්දියක් ලඟම.(නදී)
කරනවානම් හොඳ වැඩක් (දී)
මම නම් බස් එකේ යන්නේ කන් දෙක ගලවල සාක්කුවේ දා ගෙන තමයි (නදී)
ශබ්ද දුෂණය නිසා බස් වල කන් අඩි පැලෙන සංගීතය මිනිසුන්ට හරිම වදයක්. සින්දු අහන කොටස් දෙකක් ඉන්නවා. සමහරු සිහින් ස්වරයෙන් හදවතට දැනෙන්න සින්දු අහලා තේරුමත් දැනුවත්ව රස විඳිනවා. බස්වල වැඩ කරන කොන්දොස්තරලා වගේ කට්ටිය,කිසිම තේරුමක් හිතට නොගෙන කන් අඩි පැලෙන්න සින්දු දාගන ඇඟට ආතල් ගන්නවා. සමාජයට හානි කරන්නේ දෙවන කොටස- සින්දු රසවිඳින ස්වභාවයේ වැරැද්දයි. (අ)
පිළියන්දල පොලිසිය වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පසුබට වෙලා (අ)
ඉතාමත්ම හොඳ වැඩක් . බස් රියදුරන්ට බෙල් ඒක ඇහෙන්නේ නැහැ රේඩියෝව දාලා තියෙන සද්දෙට. බස් එකෙන් බහිනකොට පපුව අමාරුව හැදිලා ඒ් සද්දට (නදී)
සින්දු නම් තව කමක් නෑ. සමහර චැනල් වල හොටු පෙරාගෙන අඬ අඬා යන කතා අහගෙන යන්න වෙන එක තමා අමාරු. අඩන්නේ නැතුව නිකම් කතා කලොත් හිසරදයක්. "ඔන්න මන් ආවා"(අ)
කොස්තාපල් පුන්ඥසෝම බොහොම හොඳ වැඩක් කරනවානම්. රේඩියෝ , ඩීවීඩී යන්ත්‍ර අපට කරදරයක් (අ)
අන්න හොඳ යෝජනාවක් (අ)
මේකනම් පිස්සු වැඩක්. හරි නම් කරන්න ඕනි ප්‍රමිතියකට නැති අර්ධ සුඛෝපභෝගී බස් තහනම් කරන එක. කොළඹ - බදුල්ල අර්ධ සුඛෝපභෝගී බස් හා කොළඹ - මහනුවර සාමාන්‍ය බස් අතර කිසිම වෙනසක් නැහැ. ඇයි මෙහෙම මගීන්ව හුරගෙන කන්න ඉඩ දීල තියෙන්නේ? (නදී)
කරුණාකරලා දැන් බිහිවී ඇති මේ අලුත් වෙළද ප්‍රචාර ක්‍රමයටත් පියවරක් ගන්න. දැන් බොහෝ තැන්වල අධික ශබ්ද ඇති ස්පීකර් යොදාගෙන කරන විගඩම් ප්‍රචාරයත් සිමා කරන්න. අවට ජීවත් වන අයට විශාල පීඩනයක් මේක.(නදී)
මේවා එදා ඉඳලම කියනවා විතරයි. (ස)
වැඩිම උනොත් මාසයයි .(අ)
සමන්තිට පුන්ඥසෝම කියල ලියා ගන්න සෑහෙන්න අමාරු වෙන්න ඇති නේද (නදී)
ඉතාමත් හොද වැඩක්. පුදුම පීඩනයක් මගී ජනතාවට තියනවා ඔය කියන සද්ද නිසා. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ඔබලාට පින් (නදී)
ඇත්තෙන්ම හොඳ පියවරක්. හැබැයි ගමනක් යන්න හිතුවට මදි. පියවරක් ඉදිරියට තියන්නත් ඕනෑ. ඕක මෙතෙක් කල් ක්‍රියාත්මක නොවුණේ ඇයි කියලත් හොයලා බලන්න ඕනෑ. (නි)
හරියට ක්‍රියාත්මක කරනවා නම් බොහොම හොඳයි (නි)
ඒක නම් ඉතාම හොඳ වැඩක්. වාහන වල හෝන් වලටත් මේ නීතිය එනවා නම් ගොඩක්ම සතුටුයි (නදී)
ඉතා හොඳ වැඩක්. (ස)
ඇත්තටම කරනව නම් “යුග මෙහෙවරක්“...... දිනපතා බස්වල යන අපි මේ රේඩියෝ වලිනුයි කැසට් වලිනුයි විදින්නෙ අපා දුකක්......(ස)
ඕවා කරන්නේ මාසයයි.... අපි නොදන්න ශ්‍රී ලංකා පොලීසිය.... මිනිස්සු දුර බස්වල දොරේ දුම්පානය කරනවා..... කොන්දොස්තර, ඩයිවර් මහත්තුරු සිගරට් උරනවා.... අග නගරයේ පවා පාරවල්වල, බස් නෑවතුම්පලේ සිගරට් බොනවා.... පොලීසිය මේවා දකින්නේ කවද්ද? (ස)
ඉතාම හොඳ වැඩක්. අපි බීරෝ කියල හිතාගෙන ඉන්නේ? (ස)
ලොකුම දෙයක් දුරගමන් යනකොට එපා කීවත් නවත්වන්නේ නැහැ කසිකබල් සින්දු. (ස)
අනේ එක නම් හොදයි , වාහන වල විතරක් නෙවේ , ලංකාවේ හැම තැනම තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට භාවිතා කරනවානම් කොච්චාර අගේද ? (ස)
ගොඩක් හොද වැඩක්.මේක විතරක් නොවේ .ටි වී හයි කරලා අද නිරුවත් සින්දු පෙන්නන එකත් නවත්තන්න ඕන .ගොඩක් මේවා කරන්නේ දුර ගමන් යන බස්.අනික හැම දේකටම කලින් පිටකොටුවේ තියන බයිලා කුණුහරප සි ඩි විකුණන කඩ ටික වහන්න ඕන.මෙයාල ඕව ගන්නේ එතනින්. (අ)
මේ වැඩේ අනිවාර්යෙන්ම කලයුතුයි කොළොඹ -වස්ගමු බස් රථයේ ස්පීකර් 3 ක් තිබෙනවා කන්අඩි පැලෙන ශබ්දය මම දවසක් බස් එකේ තිබෙන ප්‍රධාන කාර්යාල අංකයට කතාකොට මගේ ෆෝන් එක ස්පීකරය දෙසට අල්ල ඔවුන්ට කීව බලන්න මේ සද්දය කියල එවිට මගේ පොන් එක කොන්දොස්තරට දෙන්න කියල ශබ්දය අඩුකොරන්න කීව. බස් එකේ ශබ්දයට ඉහලින් මොකාටවත් තේරෙන්නේ නැති සින්දු ශබ්දයෙන් දාගෙන යනවා. ඒ රියදුරාට නින්ද යන නිසාලු එහෙනම් එයාලගින් ස්පීකර් සවිකරගන්න. කිලෝමීටර් 200 පමණ දුර යන මේ බස් එකේ මගියාට ඔලුව හේත්තු කරගන්න තරමට සීට් උස නැහැ මේවා උඩුදුම්බර ඩිපෝවේ බස් (අ)