
(මනෝප්රිය ගුණසේකර)
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්යක්ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව කොළඹ නගර සභාවේ අධ්යක්ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26ක් එලෙස බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව වගුවක ආකාරයෙන් තොරතුරු දක්වමින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතාට දැනුම් දී ඇත.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන පිළිබඳව හා එම ආයතනයන් 2023 වසර අවසානය වන විට සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණයන් කොපමණද? යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීකට පිළිතුරු දෙමින් ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා ඒ බව දැනුම් දී ඇත.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 විසින් 2023 වසර අවසානය වන විට රුපියල් 204164119/-ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 264859471/-ක බදු මුදල් ගෙවීම පැහැර ඇති බව සඳහන් කරන ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා 2023 වසර අවසානය වන බදු මුදල් ගෙවීම පැහැර ඇති අදාළ ආයතන වෙතම 2024 වර්ෂය සඳහාද රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති බව අනාවරණය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2023 වසරේ බදු නොගෙව්ව එවුන්ට නැවතත් 2024 රට අවසර දුන්නා එවුන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අනිවාර්යෙන්ම උන් අල්ලස් අරගෙන ඇති. ඕවා කලේ උන්ගේ පවුල්වල එවුන්ට හොඳක් වෙන්නේ නෑ.
කොළඹ මහ නගර සභාවේ වාහන නැවතුම්පොළ භාර කළමනාකරණ නිළධාරින් ආදායම් නිළධාරි හා මුදල් අංශයේ පරිපාලන නිළධාරි හෝ මුදල් සහකාර හා ගණකාධිකාරි ඉන්නවා බදු දීමක් කලාම මාසිකව බදු ලැබෙනවාද කියලා ඔවුන් බලන්න ඕන නැත්නම් ගෙන්වාගන්න ඕන එහෙම නොකලානම් ඔවුන්ට සේවය පැහැර හැරීම යටතේ විනයානුකූලව දඩුවම් කරන්න පුළුවන් එහෙම බදු නොගෙවා සිටි අයටම නැවතත් බදු දුන්නා නම් ඉහත නිළධාරි මෙන්ම නගර සභා ටෙන්ඩර් මණ්ඩලයේ සැමගේම හෝ ඔවුන්ගේ කලත්‍ර පුත්‍ර ආදීන්ගේ බැංකු ගිනුම් වලට ඔය ආදායම් වලින් කොටසක් රිංගලා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලොත් සත්‍ය වැටහේවි
හිතනවද මේක පැහැර හැරීමක් කියල? එහෙම නෙවෙයි ඕක තමයි හවුලෙ කනවා කියන්නේ. මෙහෙම ඒවා කොපමණ තියෙනවද කරාපිටියේ රෝහල ලඟ වාහන බයිසිකල් වලින් සල්ලි ගන්නවා කාගෙ සාක්කුවට යනවද ගාලු නගර සභාවට යනවද කියල කව්ද දන්නෙ? තමන්ට සළකපු උන්ට, චන්ඩින්ට ,ඔව දෙනව ගාන කපා ගන්න. ඔය ක්‍රමය තමයි වෙනස් කල යුත්තෙ, මෙවට කතා කරහම කුහකයෙ, ජෙප්පො කියල තප්පුලන මහත්වරු මොකද කියන්නෙ? රටේ ගෙවීම් ඔන්ලයින් වෙනතුරු වංචා වෙයි. අධිවේගෙ මුදලුත් වංචා කරපු රටක්
"ආරංචිය සුභයි"... මේක තමයි දැන් අළුත්ම එක ...ප්‍රථිපලය තමයි නිතර දකින මෙවැනි සුභ පුවත් !!!