(අංජුල මහික වීරරත්න)
වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැතැයි කී ජනාධිපතිවරයා මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙන්නේ යැයිද මොටර් රථ ආනයනයනය වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙන බව පැවසීය.
නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වෙන බව කී ජනාධිපතිවරයා මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙන බවද සඳහන් කළේය.
කොළඹ තරුණ හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය වාහන කියන්නේ V8, මොන්ටේරෝ, ප්‍රාඩෝ වගේ ඒවද?
ඔයා කොහොමත් තව මාස 7න් දොට්ට මහත්තයෝ... දවල් හීන දකිනවාද? තවමත් දැන්ම රෙදි ටික මැදගෙන බෙඩ් ෂීට් අකුලන් සූට් කේස් ලෑස්ති කරන් ඉන්නා තව ලබන අවුරුද්දේ ප්ලෑන් එකක් ගැනත් බයිලා ගහනවා... වාහන ගෙන්වන එක, නොගෙන්වන එක අලුත් ආණ්ඩුවෙන් තීරණය කරයි ඔයා කලබල නොවී ඉන්න...
මේ කියල තියෙන්නෙ යූ ඇන්පී වරිග සභාවකදි, හෝටලවට තරුණ සමුලු තියන්න තරම් පොහොසත් තරුණ කන්ඩායම් මේ රටේ සාමාන්‍ය ජනතාව අතර නැහැ. ඕක වෙනකොට එයා බලයෙ නැහැ.
මේ රටේ පාලකයෝ පෙට්ටියේ පණ ඇද ඇදත් කියයි.. අපි හොඳ රටක් හදනවා කියලා. අපරාදේ කියන්න බෑ.. "ඔන්න ඔහෙ තව පාරක් දීලා බලමු" කියන සෙට් එකක් එදාටත් ඉඳියි.. මෝඩ රොත්තක් එක්ක වලක වැටිල ඉන්න වේලාවක, මොලේ තියෙන එකෙක්ට දෙන්නෙක්ටවත් ගොඩයන එක ලේසි නෑ..