ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකල ඉංජිනේරු සංස්ථාවට ලිඛිත උපදෙස් ලබාදී වාහන 04ක් ලබාගෙන භාවිතා කළත් අද නිදැල්ලේ සිටින බවත් කිසිදු අයුරකින් එසේ වාහන ලබා නොගත් ඇමතිවරයා අද සිරගත කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මුසම්මිල් මහතා මෙසේ පැවසිය.
විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කළේ ආශු මාරසිංහ නැමැති ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව නමුත් වාහන අවභාවිතයකට අනුබල දුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැතිව බවත් මුසම්මිල් මහතා පැවසීය.
- 130

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම වැරැද්දම කළේ ලිඛිත සාක්කි ඇතුවද දන්නේ නැහැ. (නි)
මෙහෙම ගියොත් හැමෝම කියාවි ලිඛිත සාක්කි පෙන්නන්න කියලා. (නි)
අපේ කට්ටිය කොහොමද ඔය කිවුවට අත්අඩංගුවට ගන්නේ? නීතිය කාටත් සමාන වෙන්න ඕනෑ තමා. ඒත් එහෙම ගන්න ගියොත් කොච්චර නම් ඉන්නවද ගන්න. එදා අය විතරක් නොවෙයි අද අයත්. එතකොට අපි කොටඋඩනේ. ඔය යන ගමන බකල් කරන්න තමයි ඕනෑ. වැඩිය කතා කළොත් දන්නවනේ වෙන දේ. (නි)
වරදක් නොකළා නම් ඉතින් මොකටද බයවෙන්නේ? (නි)
මේ බණදෙසන අයත් ඉන්නේ ඇපපිට මගෙ හිතේ. අනේ විමල් නම් එහෙම කළේ නැහැ. එයා පාවිච්චි කළේ නිල රථ. පවුලේ අනිත් අය දන්නෙම නැතුව ඒවා වල ගමන් ගිහිල්ලනේ. ඔය කෝටි 9 ය මොකක්ද? වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කිවුවලු (නි)
විමල් ගැන අපිටත් දුකයි. මොනවා කරන්නද අපි? (නි)
මේක සිරි ලංකාවනේ ආයුබොවන්ඩ! (නි)
මේ රටේ කවදද හරියට වැඩක් කෙරුණේ? (නි)
විමල් දුන් නිසානේ ඔවුන් ගත්තේ. හීනෙන් දොඩනවාද මන්දා? (නි)
මෙයාලා මොන බයිලා ගැහුවත්, කට වාචාල උන්නැහේගේ ඥාතීන්ගේ හැසිරීම් රටාව රටටම පෙන්නුම් කළා ඒ අය කොයිතරම් බවලත් උදවියද කියලා. බලාගෙන යද්දී එක පවුලක් නෙමෙයි, පවුල් ගාණක් පහුගිය ආණ්ඩුවෙන් පෝෂණය වෙලා තියෙනවා. (අ)
ඔය කතා කරන කෙනත් එහෙම දේකට අහු වෙලා දැන් නඩු නේද? තමුන්ගේ වාහනේට ආණ්ඩුවේ සල්ලි වලින් ඩීසල් ගහලා වගේ දේකට. (බ)
අනේ පව් මොනවට හිර කරද මන්ද මේ අහිංසකය (අ)
අනේ ඔවු මුසම්මිල් විමල් හරිම අහිංසකයි. ලොකු මාලිගාවල් හැදුවේ කොහෙන් හම්බු කරපු සල්ලි වලින්ද අනික මෙයා නේද අර දෙක දෙකෙන් බෙදුවම බින්දුව කියපු කෙනා. (අ)
ඇයි මොහොමඞ් මුසම්මිල් මහතාට මේ ගැන එෆසීඅයිඩියට කෙලින්ම දැනුම් දෙන්න බැරි? (අ)
එතකොට එයාගේ නෑදෑයන් අතට වාහන කොහොමද දන්නේ නෑ ගියේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ (අ)
ඇමතිවරයා වාහන ගත්තේ නැහැ. ඥාතීන්ට තමයි දුන්නේ. මේ වගේ අය ගැන ප්‍රචාරය කරන්නවත් එපා. වාහන හම්බකරලා ගන්න කඩේ යන්නේ නැතුව (අ)
අනේ අපොයි! මේ මොන කතාද? මිනිසුනේ, යථාර්ථය දකින්න (නි)
මේ වගේ මිනිස්සු! විමල් බබා. මොකුත් දන්නේම නැහැ.පව්. (නි)
හීනෙන් බයවෙලා දොඩවනවා වගෙයි!(අ)
කලෙකට පෙර අය යුතු අය තමා මේ ඉන්නේ (අ)
ඔබත් ආණ්ඩුවේ බෝඩිමට යැවීමට සුදුසුයි වගේ නේද? ජරාව කාපු අයට එහි රසය හුරු පුරුදුයි! (අ)
මුසම්මිල් මහතා වාහන නෑදෑයන්ට දුන්නාද? නැත්ද ? එයට කෙලින්ම උත්තරයක් දෙන්න බැරිද? වැල් වටාරම් එපා. (අ)
බලන්න මෙයත් ඉස්සරහට, , කරන අපුරුව .තවම මොන්ටිසොරිනේ ..අළු ගසල එනකොට හරි. මේ අයට ඡන්දෙ දෙන අක ගැන හිතමු දෙවරක්. (අ)
අනේ මන්දා! මේවට කතාකරලා තේරුමක් නැහැ (නි)
පසුගිය ආණ්ඩුව කාලේ සිදුවුණ වාහන අවභාවිත ගැන විතරද හොයන්නේ. මේ ආණ්ඩුවේ අය කරන ඒවා හොයන්නේ ඊළගට එන අයද. (නි)
මේ දිරපු මල්ලක් අරන්නේ විමල් වීරවංශ වෙනුවෙන් කඩේ යන්නේ. එකම පිලේ අය නිසා බව අපි දන්නවා. ඒ වාගේම බලය තිබුණ කාලේ කරපුවා හැසිරුනු විදියත් අපි දන්නවා. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මොවුන්ටත් ඡන්දෙ දුන්නනේ අපි? (නි)