විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාලව මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව මේ ක්ෂේත්රයට අදාල ගැටළු හදුනාගෙන ආදාල නියාමන නීතී හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සැලසුම්කර ඇත. එහි ප්‍රථම අධියර වශයෙන් ක්ෂේත්රයේ ගැටළු හා ඒවාට යෝජනා කරන විසදුම් හදුනාගැනීම සඳහා මහජන අදහස් විමසීමක් හෙට(15දා) සිට ආරම්භවන බවද ශ්‍රීලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසිය.
විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන මුහුණ පාන ගැටළු එහි සේවාවන් වලට අදාල ගැටළු, විද්‍යුත් ආරෝපන මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් , මෙම මධ්‍යස්ථානවල අයකෙරෙන ගාස්තු ආදිය පිළිබඳ මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩසලසා තිබේ.
මේ සම්බන්ධයෙන් ලඛිත අදහස් දැක්වීම ඔක්තොම්බර් මස 04 දා දක්වා ඉදිරිපත් කළ හැකි බවද කොමිසම පැවසීය.
එලෙස ඉදිරිපත් කරන කරුණු විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන පිළිබඳ නාමාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව , එම මධ්‍යස්ථාන සඳහා සේවා සංග්‍රහයක් සකස් කිරීම , එම මධ්‍යස්ථානවලින් අයකෙරෙණ ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්රමිතීන් හදුන්වාදීම ,විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයන් මුහුණපාන ගැටළු , නිවෙස්වල ආරෝපණ පහසුකම පිළිබඳ ගැටළු පිළිබඳ තොරතුරු ලිඛිතව යොමුකළ යුතුය.
-044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහසත් දාගන්නකෝ
අහිංසක මිනිසුන්ව අමාරුවේ දාන අනිත් තැන
බොහෝ රටවල විදුලි වාහන ආරෝපණය සඳහා රජයෙන් නොමිලේ පහසුකම් සලසා ඇත. ඒ වුනාට අපේ රටේ එහෙම කලොත් ???
වාහන කර්මාන්තයේ අනාගතය විදුලි මෝටර් රථ බවට කිසිදු සැකයක් නැහැ. අකාර්යක්ෂම අභ්‍යන්තර දහන එංජිම නිසා පාරිසරික ගැටළු ඇතිවීමද එක් හේතුවක් වුවද, තාක්ෂණික දියුණුව විදුලි මෝටර් රථ නිශ්පාදන කලඑළි බැසීමට මඟපාදා තිබෙනවා. විදුලි මෝටර් රථයක් භාවිතා කරන්නෙක් ලෙස, ලංකාවේ ආරෝපණ මද්‍යස්ථාන පහසුකම් අතින් අඩු වුවත්, බොහො යහපත් පාරිභෝගික සේවාවක් ලබා දෙනවා. යහපත් කරුණාවන්ත සේවකයින් නිසා පැය භාගයක් වැනි ගතවන කාලය ගෙවා දැමීමේ අපහසුවක් නැහැ. ලංකාවේ සමස්ථයක් ලෙස විදුලිය මිල අධික නිසා ආරෝපණයට වැඩි මිලක් ගෙවන්නට සිදුවී තිබෙනවා. ඉදිරියට යාමට නම්, විදුලිබල මණ්ඩලය මූලිකත්වය ගෙන රට පුරා ආරෝපණ මද්‍යස්ථාන ඇති කලයුතුයි.
(ඉහළ අදහස හා බැඳේ) නිවසට ලබා දෙන දෙවන සම්බන්ධතාවයකට, විදුලි ඒකකයක මිල, අඩුම තරමින් අද ව්‍යාපාරික සම්බන්දතාවයක ඒකකයක මිලටවත්(රු. 13) ලබා දෙන්නේනම් ප්‍රයෝජනවත් වේ. මෙම සම්බන්ධතාවය සාමාන්‍ය සබඳතාවයකින් ඔබ්බට ගොස්, ආරෝපණ උපකරණයක් සමඟම සේවාවන් සහිතව ලබා දීමෙන් අමතර ව්‍යාපාරික අවස්ථාවක්ද උදා වනු ඇත. අද ලංකාවේ විදුලිය වැයවන ප්‍රධානතම උපකරණය රූපවාහිනිය වේ. ලංකාවේ දහවල විදුලි අතිරික්තයකුත්, සවස 6-රාත්‍රී 10 අතර උපරිම භාවිතයකුත් තිබෙන රටකි. ශක්‍යතා අධ්‍යනයකින් පසු, සාමාන්‍ය විදුලි සම්බන්දතාවයකට වුව, සහණ ගාස්තු කාලයන් සංශෝධනය කර වෙන්කර දීමට හැකිනම් ඉතාම යෝග්‍ය බව හැඟේ.