(දමිත් වික්‍රමසේකර)
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.
රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවෙ වාහන මිලේ හැටියට අවුරැදු දහයක් විතර පරණ වාහනයකට හය ගුණයක බද්දක් ගැහුවත් මීට වඩා ලාභෙට ගේන්න පුලුවන්. අනික 2030, වෙද්දි ලෝකෙ බොහෝ රටවල් පෙට්‍රල් වාහන තහනම් කරනවා . අලුත්ම පෙට්‍රල් වාහන ගෙනාවත් ඒවයෙ අගය 2030 වෙද්දි අඩු වෙනව. ඒ හින්ද පරණ වාහන වැඩියෙන් බදු ගහල ගේන්න දුන්නොත් රජයේ ආදායමත් වැඩි වෙනව, රටෙන් එලියට යන ඩොලරැත් ඉතිරි වෙනවා
ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණෙ තියන්න වෙනවා , එසේ නොකලොත් ජනතාව නැවත කොළඹ එනවා ,රනිල්ට සහ ආණ්ඩුවට සිදු වෙන්නේ බේරේවැවේ නාන්න මේ වසර අවසානේ ජනපති රනිල් නොවේ අලුත් ජනපති පාර්ලිමේන්තුව විසුරවනවා
ඔය හොර නිලධාරීන් දන්නවා ඡන්දෙන් පස්සේ උන්ට කෙලවෙන බව,ඒ නිසා වාහන පර්මිට් ගන්න ක්‍රමයක් තමයි ඔය හදන්නේ.අනාගත රජයකදී ඔය පර්මිට් ඔක්කොම කැන්සල් කරනවා !!!
බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතාවක තියෙනවා එක්තරා වදුරෙක් කඩල ටිකක් අරගෙන ගහකට නැගලා කන්න හදද්දී එක් කඩල ඇටයක් බිම වැටුනා කියලා ඉතින් අර වදූරා අතේ තිබුණ සියලු කඩල විසිකර ගහෙන් බැහැලා බිමට වැටුණු කඩල ඇටේ සොයන්න ගත්තලු ඔය යෝජනාව ගෙනාපු අයත් ඒ වදුරට දෙවැනි නැහැ කියලා කියන්න පුළුවන් ඉතින් එහෙම ලොකු ලොක්කො එක්ක රට අගාධයකට වැටෙනවා මිස ඉහළට නම් ගන්නවා බොරු
මේකත් වාහන සේල් කාරයන්ගේ තවත් උප්පරවැටියක්.. ඉතුරු වෙලා තියන පොඩි වාහන ටික කුණූ කොල්ලෙට එකතු කරගන්න
ඉන්ධන ණයට ගන්න රටකට තවත් මොන වාහනද?