(අජිත්ලාල් ශාන්තඋදය ජයන්ත නානායක්කාර)
වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනා මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර රන්බණ්ඩා සිරිසේන මහතාගේ සේවය වහා අත්හිටුවනු ලබයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුර දිසානායක මහතා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ පසුගිය 22දා සිට බල පැවැත්වෙන පරිදිය.
මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශය ක්‍රියාත්මක වන්නේ ඇඹිලිපිටිය, සුරියවැව, අඟුණකොළපැලැස්ස ආදී ප්‍රදේශ මුලික කරගෙනය. එම ප්‍රදේශවල ගොවීන් සම්බන්ධයෙන්, ගොවි ඉඩම් සහ කලින් ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය යටතේ පැවති ඉඩම් ආදිය වලව විශේෂ බල ප්‍රදේශයට අයත්ය. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය ඇතුලූ අභ්‍යන්තර විගණන අංශවලින් කරන ලද පරීක්ෂණයකින් පසුව මෙම මෙම වැඩ තහනම සිදුකර ඇති බව මහවැලි අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදටත් සමහර රාජ්‍ය ආයතනවල නිල වාහන භාවිත කරන්නේ රාජකාරි කටයුතු වලට වඩා ඒ අයගේ නෝනනලාගේ දරුවන්ගෙ වැඩ වලට. මේවා සොයා නොබලන්නේ මන්ද? අහිංසක ශ්‍රමිකයන්ගේ සල්ලි වලින් සැප විදින්නෙ නිලධාරි පන්තිය සහ ඔවුන්ගේ පවුල් වල අයයි. මේවායෙහි ඇත්ත නැත්ත එක සතියක් අදාළ නිලධාරින්ග්ගේ නිවස ඉදිරිපිට අධික්ෂණය කළහොත් හෝ අවට ඇති සිසිටිවි දර්ශන බැලුවොත්ත අතටම අල්ලා ගත හැකියි. අල්ලස් කොමිසම, වංචා විමර්ශන වැනි ආයතන වලට මෙය කල හැකියි නේද? මෙවැනි වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රසිද්ධ කලහොත් අනෙක් අය නිකන්ම නොකර සිටිවි.
සහතික ඇත්ත. අපේ හම යනවා. සැප ගන්නේ වෙන වෙන අය
වාහන අවභාවිතා කරමින් සිටින අය තව බොහෝය. සමහරුන්ගෙ දරුවො නෝනලා උජාරුවට ගමන් යන්නෙත් අපේ සල්ලි වලින් නඩත්තු කරන වාහන වල. මේවා අල්ලන එක මහ දෙයක් නෙමයි.
අපේ රටේ බහුතර නිලධාරින් හිතන්නේ නිල රථයක් ලැබුනම ඒකෙ තමන්ගෙ ගමන් ඕන එකක් යන්න පුළුවන් කියලයි. අනේ මේ දුවන්නේ අහිංසක මිනිහගෙ බදු මුදලින් නේද කියලා හිතන්නේ නැහැ. මේවට හෙන ගහනවා. මෙම සංස්කෘතිය නතර කල යුතුයි.
රජයේ වාහන අවභාවිත කරන බවට අල්ලා දුන්නොත් තෑග්ගක් දෙනවා කියන්න. සෑහෙන ප්‍රමාණයක් අල්ලා ගන්න පුළුවන් වෙනවා. කාට හොර කළත් නිවෙස අසළ ඉන්න අයට හොරෙන් නෝනලා දරුවො දාගෙන ගමන් යන්න බැහැනේ. මේවගෙ වැඩ කරන අය ඇල්ලුවාම ප්‍රසිද්ධ කල යුතුයි. මෙන්න මෙයා තමයි දුප්පතුන්ගෙ සල්ලි වලින් නඩත්තු වන වාහන වල හොරෙන් ගිය කෙනා කියලා. ආයේ ජිවිතේට කරන්නේ නැහැ
සමහර නිලධාරින්ගෙ වාහන නඩත්තු වියදම් වාර්ථාව ඇක්කම ඇස් උඩ යනවා. මොන තරම් ටයර් දාලද? අළුත්වැඩියා කරලද කියලා. මේවා කාටවත් නොදැනි ටයි දාගෙන කරන පට්ට හොරකම්.
අම්මගෙ අප්පගෙ බුදලේ කියලා හිතලනේ මෙහෙම කරන්නේ. හරි ලේසියෙන් මේවා අල්ලනන් හැකියාව තියාගෙනත් අල්ලන්නේ නැහැ.
හරිම හොදයි මෙවැනි පහත් වැඩ කල අයගේ නම් ගම් පත්තරේ දාපු එක. නැත්නම් වෙන අයව සැක කරනවනේ. මේවා ඉතාම පහත් වැඩ ලෙස සමාජගත කළ යුතුයි. එවිට මෙවැනි වැරදි කරන්න ඉදිරි පරම්පරාව හරි බය වෙනවා. නැත්නම් කවදාවත් නවත්වන්න බැහැ මේ හොර වැඩ
එතකොට කිසි කෙනෙක් දන්නෙම නැද්ද මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු වාහන කීයක් පාවිච්චි කරනවද කියල. ඒ අයගේ නෝනලා, දරුවෝ යන්නේ එන්නේ ආණ්ඩුවේ වාහනවලින් නෙමෙයිද. ඔක්කොටම ඉස්සර වෙලා අන්න ඒ අයව අල්ලලා නඩු දාන්නකෝ පුලුවන්නම්. මේ දේසපාලන නරි නාටක රටේ හැමෝටම පේනවා. හොඳටම කලකිරිලා ඉන්නේ. එකනේ චන්දෙ තියන්නේ නැත්තේ.