ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරි පව්වේ සිට හිරු උදාවන අයුරු දැකබලා ගැනීමට අද (27) දෙස් විදෙස් සංචාරකයෝ එහි ගියහ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සහ සංචාරකයෝ පිරිසක් අළුයම පහට ගල මතට ගොඩවූහ.
අහස වළාකුලින් බරව තිබීම නිසා නිසියාකාරයෙන් ඉර පායන දර්ශනය නැරඹීමට නොහැකි විය.
ඉර සේවය ඉදිරියේදී දිනපතා සංචාරකයින්ට දැකබලාගැනීමට අවස්ථාව ලබාදීමට අවධානය යොමුව ඇතැයි මහාචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාක්‍රමගේ අදහස ගොඩක් වටිනවා (බ)
සුන්දර දසුනක්.(හේ)
හරිම ලස්සනයි (නි)
හොඳ අදහසක් (නි)
ඕස්ට්‍රේලියාවේ රට මැද තිබෙන "උලුරු" නම් ගලද විදේශීය හා එහි දේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් තැනකි. පිළිස්සූ මැටි වළං වන් ගුරු පැහැයෙන් හා බනිස් ගෙඩියක හැඩයෙන් යුත් මෙම ගල සීගිරි ගල මෙන් උසද විශාලද නැත. සාමාන්‍ය අයෙකුට මිනිත්තු 3-4 කදී ඒ මතට නැඟිය හැක. ඒ සඳහා උදේ 9 සිට සවස 3-4 පමණ වනතෙක් කාලවෙලාද නියම කෙරේ. විශේෂයෙන්ම හිරු බැසයද්දී අහසේ වලාවන්හි වර්ණ ගැන්වෙන කහ, රන්, රත් පැහැයන් හා ඒ තුළින් පතිතවන ලා හිරුරැස් හේතුවෙන් ඊට අනුරූපීව වරින්වර වෙනස්වන ගලේ පැහැයන් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත්වී ඇත. හිරු නැඟඑද්දීද යම් දසුනක් ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ 90% ක් වාගේ තැනිතලා නිසා ඉර සේවය ඒකාකාරී තත්ත්වයක් ගනියි. ශ්‍රී ලංකාවේ ශ්‍රී පා මුදුනෙහි සිට සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ඇතැම් ස්ථානවල හා නැගෙනහිර මුහුදු වෙරළේ සිට ඉර සේවය නැරඹිය හැකිවුවත් සීගිරි පව්ව පහසු වඩාත් සුදුසු චිත්තාකර්ශනීය තැනක් වනු නොඅනුමානය. අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සංචාරකයින් ඇදගන්නාසුලු අදහස ඵල දරනු ඇත. (නි)
මම හිතන්නේ මීටවඩා වැදගත් , විනාශවෙමින් පවතින සීගිරි චිත්‍ර හා කුරුටු ගී ටික වඩා හොඳින් ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා සංචාරකයන්ට පෙන්වලා ආකර්ෂණය කරගන්න එක. (නි)