පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය දුරු වී රටට අවශ්‍යය පමණින් වැසි වසීවායි ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල පිරිත් දේශනා කර බෝධී පූජාවක් පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට වාරී මාර්ග හිටපු නියෝජ්‍යය අමාත්‍යය ඩබ්.බී ඒකනායක මහතාද එක් විය.
රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළ අතර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ හා ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ ද මීට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවෝ වස්සතු කාලෙන..... රාජා භවතු ධම්මිකෝ.... (නි)
වනාන්තර විනාශ කරන්නේ නැහැ කියලා බාරයක් වුණොත් වහිවී. (නි)
සිරීමහා බෝ සමිඳුනේ, බුදුන්ටත් සෙවණ දුන් ඔබ වහන්සේ මගේ වැසියන්ට සෙවන දෙන්න. ඔය ලස්සන නෙලුම්, ඕලු, මහනෙල් පිපෙන්නේ දැවැන්ත වැව්වල. ඒවා පිරී ඉතිරී මහා වැසි ලැබේවා. (නි)
කලට වැසිවසින්න. "රාජා භවතු ධම්මිකෝ". (නි)
අරහේ මහා වනාන්තර විනාශ කරන්න දීලා මෙහෙ මෙතන පූජා පවත්තනවා වැහි ඉල්ලලා. මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු කියන සින්දුව තමා මතක්වෙන්නේ (නි)
ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා! (නි)
මිනිසුන්ට සුබ කාලයක් උදාවේවා! (නි)
ගොවියාට යනඑන මං නැති කරනකොට රටට හරියට වහීද? (නි)
දෙය්යෝ දිහා බලන් ඉන්නේ නැතුව වාරිමාර්ග ක්‍රම වලින් ගොවියාගේ ප්‍රශ්න විසඳුවොතින් නරකද? (බ)
සුරේන්, ඔබ සමඟ මමත් එකඟයි (නි)
සහගහන අපරාධ කරනකොට වැස්ස වලාහක දෙවියන්ට වුණත් තේරෙනවා අවනඩුව. එ්කයි වහින්නේ නැත්තේ. (නි)
හසන්ත හරියටම කියලා තියෙනවා. වනාන්තර කපන්න අවසරදීපු අත්වලින්ම වැසි ඉල්ලලා සමහරු මල්වට්ටි පුදනවා. මොන විහිළුද මේ. එක්කෝ දේශපාලකයන්ට පිස්සු. නැත්තම් මේ ලෝතලේම ඉන්න අයට පිස්සු. (නි)