බංග්ලාදේශයට එරෙහිව මේ මස 31 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නවක කී‍්‍රඩකයෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති.

කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල සහ ඉෂාන් ජයරත්න යන ක‍්‍රීඩකයන් හයදනා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත්වූ පළමු අවස්ථාව මෙයයි.

පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන යශෝධ ලංකා සහ දෙවැනි කඩුලූ ලාභියා වන ඩිල්රුවන් පෙරේරා ඇතුළත්ව නොමැති නමුත් පළමු පෙළ තරගාවලියේ තරග 5 කදී ලකුණු 122 ක් පමණක් රැුස්කර ඇති රමිත් රඹුක්වැල්ල මෙම සංචිතයට ඇතුළත් වී සිටී.

මුවර්ස් පිල නියෝජනය කරන චතුරංග ද සිල්වා සහ ෂෙහාන් ජයසූරියත්, කෝල්ට්ස් පිලේ දකුණතින් වේග පන්දුයවන ඉෂාන් ජයරත්නත් මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ මේ දක්වා දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෝ වෙති.   

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී විවේක ගන්වා ඇති අතර මහේල ජයවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්ව සිටියි.  

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), කුසල් ජනිත්, ඩිල්ෂාන් මුණවීර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේනානායක, ශාමින්ද එරංග, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල, ඉෂාන් ජයරත්න සහ තිසර පෙරේරා