IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැස්සෙන් හතරක් මරුට 21 දහසක් අවතැන්

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත.

මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම ආපදා තත්වයෙන් නිවාස 117කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4,608කට අයත් 19,585 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කොඩිප්පිලි මහතා කීවේය.

 



අදහස් (1)

වැස්සෙන් හතරක් මරුට 21 දහසක් අවතැන්

බද්රානි Saturday, 15 October 2022 01:12 PM

දැන් ඉතින් අනුන්ගේ සල්ලිවලින් පින් රැස්කර ගන්න උත්සාහ කරන ගංවතුර ආධාර කාරයින් වැහි වහියි. සමහරුන්ගේ අලුත්ම රැකියාවත් ඒක වෙන්න පුළුවන්. මම නම් එක රුපියලක්වත් දෙන්නේ නැහැ එක හිඟන්නෙකුටවත්. අපි රජයට බදු ගෙවනවා... රජය බලාගන්න ඕනෑ ඉතුරු වැඩ ටික. අපෙන් පිනට කාපු අය කරලා තියන හරිය දැන් ඇස් දෙකටම පේනවනේ අපට... ඒ ගොනා විකුණලා ගොඩක් කල් මම නම්....! 

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site