(හර්ෂණ තුෂාර සිල්වා)
ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් කිසිදු හෝටලයකට,කිසිදු සංචාරකයකුට හෝ සංචාරක සේවයේ නියුතු කාර්ය මණ්ඩල සේවකයකුට හෝ සංචාරක ක්ෂ්‍රේත්‍රයට සම්බන්ධ කිසිවකුට හානි හෝ බලපෑම් සිදු වී නැතැයි ද ඒ මහතා කියයි.
සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අද(30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ආපදාවට පත්වූවන්ට එම අමාත්‍යාංශය ඊට අනුබද්ධ ආයතනවල එකමුතුවෙන් ලක්ෂ 20කට ආසන්න ආධාර ලබාදෙන බවත් ඒ මහතා කියයි.
මැයි හා ජූනි මාස යනු සාමාන්‍යයෙන් සංචාරකයන් නොපැමිණෙන මාස යැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩි විතාන මහතා කීය.
ආපදා තත්ත්වය හේතුවෙන් මේ වසරේදී අපේක්ෂා කරන සංචාරකයංන් මිලියන 2.5 ඉලක්කය හෝ ඩොලර් බිලියනයක සංචාරක ආදායම් ඉලක්කය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද එහිදි කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු, මගේ හොටෙල් එකේ බූකින්ග් ඔක්කොම කැන්සල් වුනා
ගරු ඇමතිතුමනි, එක මන්ත්‍රී කෙනෙකුට හැම අවුරුදු 5 කට වරක්ම ප්‍රකෝටි ගානක් වටිනා වාහන පර්මිට් එකක් ලැබෙනවා. මේ පර්මිට් එකට ගෙන්වන වාහන විකුනණ කොට ඒක විකුනන්නේ වෙළෙද පොලේ මිලට. එතකොට මේකෙන් කෝටි ගානක ලාබයක් මන්ත්‍රීවරු ලබනවා. ඊලග පාරට පර්මිට් ඒක දෙනකොට හරි, මේ වාහනේ විකුනනකොට හරි රජයට පාඩුවන බදු මුලද ආපසු ගෙවීමක් සිදුවෙන්නේ නැහැ. මන්ත්‍රීලට ගිය අවරුදු 30 ට දුන්නු වාහන පර්මිට් වල සල්ලි එකතු කලොත් මුළු රටේම විදේශ ණය හැම සතයක්ම ගෙවල දාන්න පුළුවන්. රටේ මුළු ගොඩනැගිලි දෙපාරක් හදන්න පුළුවන්. මේ මුදල් අයකරගැනීමට ඔබතුමා නායකත්වය ගන්න.
ඔන්න ඇමතිගේ හෝටල් කර්මාන්තය ගැන තිබෙන දැනුම ? අපේ රටේ සංචාරක කර්මාන්තය ඇතුළු කර්මාන්ත බොහොමයක දියුණුව අඩාල වී ඇත්තේ විෂය ගැන කිසිම දැනුමක් නැති දේශපාලකයන් මේවා පාලනය කිරීම නිසාය
අනේ ජෝන්. පිස්සුනම් කෙලින්න එපා ඔන්න මේ වෙලාවේ?
ලංකාවට හෙන ගැහුවත් මේ වගේ ඇමතිලා ඉන්නේ හඳේ. මේ වගේ අය නැවතත් පාර්ලිමේන්තු නොඑවන්න ජනතාව වගබලාගත යුතුයි.
අනතුරු නරඹන්න යන ලංකාවේ මිනිස්සු වගේ, අනතුරු නරඹන්න එන සංචාරකයෝ නම් අඩුවක් නැතුව ඇති. නමුත් නොදන්නා සමාජයක සංචාරය සඳහා එන මිනිස්සු නම් ස්වභාවික විපත් ගැන හොයල බලල තමා එන්නේ. ආපු මිනිස්සු නම් යන්න විදිහක් නැතුව ඉන්නවා ඇති.
ඔව් ඔව් වැස්ස ඉතින් ප්‍රශ්නයක් නැනේ ලංකාවේ අයට...
ඔය කියන්නේ ඇමතිතුමාගේ සංචාරක කටයුතු වලට වැස්සෙන් බලපෑමක් නැහැ කියලද?
ඒක එතුමාගේ පුද්ගලික මතය.
මගේ සංචාර 11ක් නැවතුණා. සංචාරකයින් ලංකාවට එන්නේ නැහැ කිව්වා. ඇමතිතුමා ඔය විදියට බොරු කියන්න එපා.
මෙන්න මෙයා අද නින්දෙන් ඇහැරිලා. හෙට කියාවි ඕක මට අදාල නැහැ කියල.