ජල ගැල්මෙන් හා නායයෑම්වලින් විනාශයට පත්වූ නිවාස වෙනුවට නව නිවාද ඉදිකරදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ඉල්ලීමකට අනුව එම අමාත්‍යංශය ලබාදෙන තොරතුරු අනුව සම්පූර්ණයෙන් විනාශවී ගිය නිවෙස් වෙනුවට නව නිවාස ද අඩක් විනාශවූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කරන බව ඇමැතිවරයා තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අයගෙ ඉතින් කයිය විතරයි. (නි)
ඔබ වැනි නායකයන් සිටීම සතුටට කරුණක්. (ර)
වීරසේන, මුදල් දෙනවට වැඩිය ගෙවල් හදලාදෙන එක හොඳයි. වැඩි විශ්වාසයක් තියන්න පුළුවන් කිව්වොත් කරයි කියලා. (නි)
සමහරු නොදන්නවා වුණාට මෙතුමා මේ වෙනකොට සෑහෙන ගෙවල් ප්‍රමාණයක් හදලා මිනිසුන්ට දීලත් ඉවරයි. නැතුව ඉස්සර වගේ කවුරුත් හදපුවට තීන්ත ගාලා නම ගහගත්තේ නැහැ. (නි)
වීරසේන, මහජනයා ආපදාවට ලක්වෙලා තියෙන අවස්ථාවක ඒ අයට ගෙවල් හදලාදෙන එකේ මොකක්ද තියෙන වැරැද්ද? මුදල් දුන්නොත් ඒවා මහජනයාට යයිද කියන එක ඔයාට කොතරම් දුරට විශ්වාසද? අනික සජිත් කියන්නේ සුනාමියෙන් ආපදාවට ලක්වුණ මිනිසුන්ට ගෙවල් 1000 කට වඩා පුද්ගලික මුදලින් හදලා දුන්න මනුස්සයෙක්. (නි)
හොඳ දෙයක් කරනවා නම්. රජයේ සේවකයන්ට, දුප්පත් අයට නම් පහසු ගෙවීම් ක්‍රමයට ගෙවල් හදලාදෙන නිවාස ක්‍රම තියෙනවා. රජයේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන, වාහන ණය ආදී සහන තියෙනවා. හැබැයි මේ රටට සැබෑ සේවයක් කරන පුද්ගලික අංශයේ සේවකයන්ට රජයෙන් හෝ එම ආයතන වලින් කිසිම උදව්වක් නැහැ. ජවිපෙ නැත්නම් මේ වෙනකොට අර්ථසාධකෙත් නැහැ. (නි)
කලින් හදනවා කිව්ව ගෙවල් කෝ? (නි)
එතුමාගේ පියා සිටියා නම් කියන්නේ අහවල් දවසට ඉස්සර ගෙවල් සාදා නිමකළයුතු බවත්, එම විවෘත කිරීමේ උත්සවයට තමා පැමිණෙන බවත්ය. (නි)
කලින් ඔබ පැවසු පරිදි, දින සියයේ රජය කාලයේ හදන බව ප්‍රකාශ කළ ගෙවල් 50000ද සමඟින්, වරින්වර ප්‍රකාශ කළ නිවාස ව්‍යාපෘතිද ඇතුළුව සියලුම නිවාස ව්‍යාපෘති තනා එය යථාර්තයක් කරදෙන්න ඔබට හැකි වේවා! (නි)
ඇමතිතුමනි, කරනවා නම් මෙන්න වැඩ! (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. හැබැයි වැඩේ කරන දින වකවානුවක් එහෙම කියනවා නම් වඩාත් හොඳයි. ඒ තරමටම දේශපාලඥයෝ ගැන අපේ විශ්වාසේ බිඳිලා. (නි)
ආවේගයෙන් කතාකළා වගේ නොවෙයි, වැඩේ වෙන්නත් ඕනෑ ඇමතිතුමා. සමාවට කරුණු අපට එපා. (නි)
මෙතුමා කවදත් ජනතාව සමග සිටිය කෙනෙක්. (ර)
සජිත්ගේ පුද්ගලික මුදලින් මේවා කෙරෙනවද? (නි)
මේ දෙගොල්ලොම ජනතාව ගොනාට අන්දන බව දැන් අපි තේරුම් අරගෙනයි ඉන්නේ (නි)
ඔබතුමාගේ කතාව අහන්න හරි ආසයි මම, හේතුව මට හිනා යනවා (බ)
ඇයි එතුමා ගෙවල් හදන්නේ? ඒවාට යන්නෙත් මහජන මුදල්ම නේද? ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් සුදුසු අයට මුදල් දෙන්න. (නි)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මෙලෙස පවසා තිබුණි. අපේ සෙබළුන් තම වර්තමානය හා අනාගතය පුද කළේ රටේ වෙනුවෙනි. ඒ කැපවීම සිහි කරනු මිස අවමානයට ලක් නොකළ යුතුයි. (ර)
අනේ අර කලින් හදනවා කිව්වා ගෙවල් ටික හදලා ඉන්නකෝ (නි)