
තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.
බොහෝ මාර්ග ජලයෙන් යටවීමෙන් දෛනික කටයුතු පවා කර ගැනීමට නොකිව ඔවුහු දැඩි පීඩාවට පත්ව තිබෙන අයුරු දැකිය.
ස්ථාන කිහිපයක මාර්ග ජලයෙන් යටවී මහජනයා පීඩාවට පත්ව ඇති අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.

(අජිත්ලාල් ශාන්තඋදය)
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැමිණි තිබේ.
මේ අතර කොළඹ රත්නපුර ඒ 4 ප්‍රධාන පාර අවිස්සාවේල පුවක්පිටිය පහනගාව මාර්ගය අද උදෑසන සිට ජලයෙන් යටවීමෙන් කුඩා ප්‍රමාණයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල කළේ ය.
දෙහිඕවිට ප්‍රදේශයෙන් මාර්ගයටද වතුර පැමිණ ඇති අයට
(එන්.ආරච්චි)

පාදුක්ක ගංවතුර තත්වය
(නිහාල් වෙත්තසිංහ)

පුවක්පිටිය ජලයෙන් යටවී ඇති අයුරු
(අජිත් ලාල් ශාන්තඋදය)

මිල්ලනිය ගංවතුර තත්වය
(මංගල එදිරිසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙපි ලොජික් අනුව, පාලකයින් ධාර්මිශ්ට නොවුණාම තමයි ඔහෝම වෙන්නේ...!
පුවක්පිටිය පහන ළඟ අද තිබුණු තත්වය දැක්කා.. එහි තියෙන රං ඇළ ඉවුරේ රංවල දේවාලය ඉදිරිපිට ඇළ ඉවුරේ තියෙන අනවසර ඉදිකිරීම් මේකට හේතුවක් බව පෙනුණා. ඊළඟට ගංගා ඇළවේලි පවිත්‍ර නොකිරීම මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා... මගීන්ට බලවත් අසාධාරණයක් වෙනවත් දැක්කා. එහෙම වුනේ කාර්, වෑන්, ත්‍රිවීලර් හා මෝටර් සයිකල් ඇවිල්ලා ගංවතුර බසින තුරු මාර්ගය හරස්කර පෝලිමේ හිටියා බස්වලට යන්න පුළුවන් වුණත් අනෙක් වාහන නිසා අවහිරකම් ඇතිවුණා. මේනිසා රාජකාරි සඳහා යාමට සිට බොහෝ දෙනෙකුට රාජකාරි සඳහා යන්න අපහසු වුණා... ඒ නිසා මේක පොලිසියේ අවධානයට ගන්නවා නම් හොඳයි.. දැන් අලුත්ම අලුත් ආණ්ඩුවක් තියෙන නිසා මේවා ගැන ගන්න තීරණ ගැන අපි බලාගෙන සිටිමු...