විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සිදු කැරෙන බව නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ ජී.එස්.අරුණ ශාන්ත ද සිල්වා මහතා පැවසීය.
මුල් කෙටුම්පත ඉංග්‍රීසියෙන් සකස් කර ඉන්පසු සිංහල, දෙමළ භාෂාවලට එය පරිවර්තනය කිරීමට යයි.
‘19 වැනි ව්‍යවස්ථා කෙටුම්පත නිහඬව ගාම්භීර පූර්වකව සම්පාදනය කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි‘
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගෙන් ලැබෙන ප්‍රතිපත්ති නීති කෙටුම්පත් බවට සම්පාදනය කළේ තම දෙපාර්තමේන්තුව බවත් ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
එයද මූලිකවම ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කර සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර මුව හමට තලන්නා වගේ කවුරු කවුරුත් සුද්දාටයි, අධිරාජ්‍යවාදීන්ටයි බැණ බැණ ගෞරවනීය කටයුත්තක් වන ව්‍යවස්ථා සම්පාදනයේදී ඉංග්‍රීසියෙන් හිතා ඉංග්‍රීසියෙන් ලියා ජනතාවට දීම සඳහා පමණක් සිංහලට හා දෙමළට පරිවර්තනය කරනවා. අපි තවමත් වනන්තරේ. (නි)
සිංහලෙන් හිතන්න බැරි අයද පනත් හදන්නේ? එහෙනන් අය සාමාන්‍ය ජනතාව ගැන හිතා පනත් සකසනවා යැයි බලාපොරොත්තු තබාගැනීම සිහිනයක් නොවේද? (නි)
ජනතාවගේ හර්ද සාක්කියේ කෙටුම්පත කවදද ?(හේ)