
(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව තුළ ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ.
එම සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ්, ඒ.ඒ.එස්.එම්. රහීම්, එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්ම මහත්මීන්ට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව අසුන් පනවන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සඳහන් කර ඇත.
එම මන්ත්‍රීන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇති නිසා ඉහත ඉල්ලීම කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් . මේ වගේ අයට නියම දඩුවමක් කොතනින් හෝ ලැබිය යුතුයි.
තමන් උපන් රටට තමන්ගෙන් කල සේවය කුමක්ද කිසිවෙකු විමසීමක් කලොත් උපන් රටට කෙසේ වෙතත් හන්තාන කන්ද දෙස බලාගත් අත බලාගෙන ඉදිවී....
ඒක ඒගොල්ලෝ බලා ගනීවි ඔයා කලබල වෙන්නේ මක්කටයි?
අනේ සජිත් ඔබත් තවත් රනිල් කෙනෙක් වෙන්න යනවා නේ... රනිල්ටත් බැරි වුණා තමන්ගේ අය තියාගන්න. දැන් ඔබත් ඒ වගේනේ. ඔබට තිබුණා මොනවා හරි උපක්‍රමයක් දාලා ඒ 8 දෙනා වළක්වා ගන්න.
නියමයි හොද ප්‍රතිඵලයක්...
රිෂාඩ් සහ රකීම් ... දුන්නු සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. එයාලා තමයි 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකළේ..
ඔන කෙනෙකුට තේරෙනවා ස්වඡන්දතාවය කියන්නේ කියන්නේ මොකක්ද කියලා...?
හන්තාන ඉඩමට සල්ලි දුන්නේ කවුද?
ඡන්ද දායකයාගේ මතය ඉදිරියට ගෙනියන්න බැරි මහජන නියෝජිතයෝ ඵලක් නැහැ. පාර්ලිමේන්තු යන්නේ ඡන්දෙන්. එහිදී ඡන්දය දීපු ඡන්ද දායකයෝ අමතක කරලා හිතුමතේ වැඩකරන එක හරිද? මෙයාලා සංධානයෙන් නෙරපුවාවේ. අනාගතයේ යනඑන මං නැතිවෙනවා... හොඳ තීරණයක්.
නියමයි...
දෙපිටකාට්ටුවන්ට පාර්ලිමේන්තුවේ කෙසේවෙතත් අපායේ නම් පුටු ලෑස්තිවෙලා ඇති.
පසුගිය කාලයකදී ලක්ෂ්මන් නමැති අලියෙක් සහ තවත් අලි කිහිප දෙනෙක් රටේ යහපත සඳහා පැවතුණු රජයට සහාය දෙන්න කියා ගොස් ඒ රජයේ ඇමතිකම් පවා ගත්තෝය. අලි නායකයා ඇතුලු පිරිස මේ වල්අලින් රෑන අලි පාටියෙන් එලවන්නට හැදුවද එය බැරිවිය. ඉන්පසු ලක්ෂ්මන් ඇතුලු වල් අලින් රෑනේ වැඩි දෙනෙක් නැවත මැතිවරණයක් එනවිටදී ආපසු අලි පාටියටම ගොස් තමන් බුලත් කොළ සහ පුටු අතරේ කෙරූ නොහොඹිනා වැඩද, කුරහන් සාටකයටම බැරකර ඇඟ බේරාගෙන අලි පාටියෙනුත් නැවතත් ඇමතිකම් ගත්තෝය. ඒ අතරේදී මහ අලියා එලවා බාගෙට වැඩීගෙන එන අලියෙක්ව අලි රෑනේ නායකයා කරන්න ගොස් බැරිතැන දුරකතනයකින් ඇමතිකම් ගන්නට තැනුවත් බැරිවිය. දැන් ඒ කෝල් සෙන්ටර් එකේ සමහර දුරකතන ක්‍රියාකරවන්නන් අර ඒ කාලයේ ලක්ෂ්මන් අලියා ඇතුලු අලි 17 රටේ යහපත උදෙසා කලාක් මෙන් දැන් පවතින රජයට උදව්වට සිය ඡන්දය දී ඇත. නමුත් ලක්ෂ්මන් අලියාට තමන් පෙර කළ කී දේ අමතකව අලුත් දුරකතන ක්‍රියාවිරහිත කරවීමට තනන්නේය. බලන් ගියාම මේ මහ කකුලුවා පැටවුන්ට කෙලින් යන්න කිව්වා වගේය. ඒ නිසා ලක්ෂ්මන් දැන් අලියෙක් නෙවෙයි කකුලුවෙක් වී ඇත.
යූඑන්පී එක විනාශ කරපු එකට දැන් වග කියන්න ඕනේ කවුද කියලා පැහැදිලියි. දැක්මක් උගත් කමක් නැති නායකයො පස්සේ ගියාම රටත් විනාශයි.