මහ වැසි නිසා දිස්ත්‍රික් 15 ක පවුල් 8000 ක 25000 ක් පිඩාවට  පත්ව ඇතැයි  අාපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.  එයින් 1858 ක 5196 දෙනෙක් තාවකාලික මධ්‍යස්ථාන 32 පහසුකම් ලබා සිටිති. 

කොළඹ දිස්ත්‍රික්කයේ මුහුදු කෑමෙන් 33 දෙනකු ද, දැඩි සුළඟ හා වර්ෂාව නිසා 1554 දෙනකු ද පීඩාවට පත්ව සිටින බවත් කියකි. 

දැඩි සුළඟ, නායයෑම, ඉවුරු කඩා වැටීම, ගංවතුරු, ගස් කඩා වැටීම හා අකුණු සැර නිසා කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුර, පුත්තලම සහ කුරුණෑගල වැසියෝ ද බලපෑමට ලක්වූහ.

දිවයින පුරා නිවාස 68ක් ටිකක් ද, නිවාස හතරක් පූර්ණ හානි ද  සිදුවී ඇතැයි නිලධාරීහු කියති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ කාලගුණවර්තාව අනුව තද සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පවතිනු ඇතැයි අනුමාන කෙරේ. උතුර, ඊසාන සහ මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශවල නරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවන බවත්, ඇතැම් විට එම ප්‍රදේශවල සුළඟ පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකි බවත්   දෙපාර්තමේන්තුව කියයි.

flood-warning