අයහපත් කාලගුණය නිසා ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 7ක පමණ පාඩු ලබන්නට සිදුවූ බව නියෝජ්‍ය මානව කළමනාකරු රාජා ගුණතිලක මහතා පවසයි.
බොහෝ මාර්ග ගංවතුරින් යටවීම නිසා බස් රථ ධාවනය ඇන හිටීමත්, බොහෝ සේවකයින්ට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි වීමත් ඇතැම් ඩිපෝ ජලයෙන් යටවීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව ගුණතිලක මහතා කියයි.
ගංවතුරු බැස යන තුරු නියමිත බස් ධාවනය යථා තත්ත්වයට පත්කිරීම අසීරු බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩුව පිටදලා ගසාකන්න ඉඩතියන්න එපා. මේක පාඩුව නොවේ, අාදායම අඩුවීමක් විතරයි (නි)