දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ජනවාරි 20 වැනිදායින් පසුව ඇති විය හැකි බවත් දින කීපයක් වැසි බලාපොරොත්තුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් පැවැති දැඩි ශීත කාලගුණය අඩුවීමක් අපේක්ෂා කෙරේ. අවම උෂ්ණත්වය වූ සෙන්ටිග්‍රේඩ් අංශක 9 නුවරඑළියෙන්ද උපරිම උෂ්ණත්වය වූ සෙන්ටිග්‍රේඩ් අංශක 33 රත්නපුරයෙන් ද වාර්තා විය.
130

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවෝ වස්සතු කාලෙන - සස්‍යය සම්පත්ති හේතුච- ධීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ! (නි)
සෙනසුරු ග්‍රහ මාරුවෙන් පසුවද? ඒක නම් සිදුවන්නේ ජනවාරි 26 වැනිදා (නි)
අපේ බලාපොරොත්තුව එලෙසම ඉටුවෙන්න උදවු දෙන්න කියලා වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
පරිගණක යතුරු පුවරු ඔබලා අදහස් දමන සමහරු ගැන අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. කොහෙවත් ඉන්න සෙනසුරෙක් මාරුවුණාට දෙවියන් යැදුවාට වහින්නේ නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක හොඳම අවස්ථාව, කරලා පෙන්නන්න. වහින්න නම් කාලගුණික සාධක කිහිපයක්වත් සම්පූර්ණ වෙන්න ඕනෑ (නි)
මොකද අපේ අයට දත්ත බලලා හරියට කියන්න බැරිද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා එකක් තියෙනවනේ (නි)
මේ පාලකයෝ කරන හා දුර වැඩ වලට සාගත තමා එන්නේ. බැමිණිතිය සාය වගේ තමා. (ර)
කවදාවත් නැතුව නියඟයට සූදානම් වෙනකොට මට හිතුනා මෙහෙම වේවි කියල. මොනවා වුණත් වැස්ස ලැබීම හොඳ දෙයක්. (නි)
තෙරුවන් සරණින් වැසි ලැබි කෙත්වතු සරුසාර වේවා..(ම)
ස්වභාව ධර්මයා දෙන විදිහට අපි කැමති වුවත් අකමැති වුවත් භාර ගත යුතුයි. පාලකයන්ගේ වගකීම විය යුත්තේ එවන් අපදා වලදී ජනතාවට සිදුවන කරදර හානි පීඩා ඉතා අවම මට්ටමකමට පත් කරවීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ දවසේ කාලගුණ වාර්තා දෙනවට වඩා එහා යන භාර දුර රාජකාරි කරන්ඩ. සති 2 ට කලින් කිව්වේ දිගටම වහින්නේ නැහැ කියලයි . දැන් කීයනවා 20 - 27 වහිනවා කියල. කොයිකද පිළිගන්නේ?. කලින් අර මුහුදු ගිය අහිංසක ධීවරයෝ ටික මළා ට පස්සේ හිරිකිතයක් නැතුව සමාව ගත්තේ. (බ)
තෙරුවන් සරණයි අපේ ගොවීන්ට! (නි)
එහෙනම් කොස්කොල කන්න වෙන එකක් නැහැ (නි)
කුමන හෝ පිහිටකින් වැසි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.! (නි)
ලෙස්ලි මහත්මයා, ලෝකේ කොහෙවත් 100% නිවැරදි කාලගුණ අනාවැකි කියන්න බැහැ. අපේ රටේ තාම ඒ තරම්ම දියුණු තාක්ෂණයක් නැහැ. තියන එකෙන් ඔය කියන හරිය හොඳටම ඇති (නි)
සේනක මහත්තයෝ, කාලගුණය හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා. සති 2 කට කලින් තිබුණ තත්වය ගැන තමයි ඒ අනාවැකිය. ඔබතුමා හිතන්නේ සති 2 ක් එක වගේ තියනවා කියලද (නි)