දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ආර්ථිකය වෙනුවෙන් මේවන විටි විශාල කාර්ය භාර්යයක් සිදුකරන බව කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් බිලියන 7ක් (රුපියල් බිලියන 1011) පමණ ආදායමක් උපයා දෙන බවත්, දැනට 30,000ක් පමණ ශ්‍රී ලාංකිකයින් එරට සේවය කරන බවත් ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය ආයතනයක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.
එසේම කොරියාවේ ඇති මෙරට තානාපති කාර්යාලය මගින් නිතරම ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන් සොයා බලන බවත්, මෙරට තානාපති කාර්යාලයය කොරියාව පුරා සංචාරය කරන බවත් ඒ මහත්මිය විසින් එහිදී පෙන්වා දී තිබේ.
කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සකාච්ඡා පවත්වන බවද ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම තමයි ඊශ්‍රායල් වලිනුත් ලංකාවට එන්නේ. ඒත් මේ කොහෙන් කොයි තරම් ආවත් ඒ අයට ලංකාවට ආවහම පෙන්ෂන් එකක්වත් නෑ. ඔවුන් මොන තරම් මහන්සි වෙනවද ඩොලර් හොයන්න. (බ)
වසරකට මෙහෙම ලන්කාවට සල්ලි එවන්න මෙහෙ කොල්ලො කන කට්ට ලන්කාවෙ ඉන්න සමහරක්ට තේරෙන්නේ නෑ. කොලලෝ කී දෙනෙක් අත පය නැති කර ගන්නවද. කී දෙනෙක් ගෙ ජීවිත නැති වෙනවද. එහෙම දුකක් විදලා ලන්කාවට ආවම අපෙ උන්ට මොකද්ද තියන ඇගයීම කවදා කාට මේක තෙරෙයිද.. (ර)
මෙයාල වෙනුවෙන් ඔවුන්ගෙ අනාගතයට යමක් වෙනවා නම් එක ලොකු දෙයක් . අන්තමට මගෙත් සහොදරයෙක් ඉන්නව කොරියාවෙ එයාට අපිව බලන්නවත් විධියක් නෑ. අනාගතයට හොඳ කරගන්න ඔවුන් මහන්සිවෙනවා. ආන්ඩුවෙන් එයල ගැන සැලසුමක් තිබුනොත් හොඳයි (අ)
දැන්වත් වාහන පර්මිට් එකක්වත් දෙන්න වටිනවා (නි)