(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වසරකට රටට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම ප්ලාස්ටික්  දිරා යන්නට අවුරුදු 700ක් පමණ ගත වන බව කී මන්ත්‍රීවරයා මෙම ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතහමාර ප්‍රතිචක්‍රීරණය නොකලොත් තව අවුරුදු ගාණක් යන විට මේ රටේ පස් තියෙන එකක් නැතැයි පැවසීය.

ප්‍රතිචක්‍රීකරණ කටයුතු හරියට නොකළහොත් මුහුදේ මාළුන්ට වඩා ප්ලාස්ටික් කෑලි මුහුදේ පාවේවි යැයිද මාන්නප්පෙරුම මහතා කීය.

වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතර හමාරක් ආනයනය කළද එයින් 144000ක් පමණ නැවත එකතු කරගන්නා බව පැවසූ මාන්නප්පෙරුම මහතා එසේ කලත් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමුවන්නේ ප්ලාස්ටික් ටොන් පනස් දහසකට වඩා අඩු ප්‍රමාණයක් බව සඳහන් කළේය.

මෙරට ඇළ දොළවල් වල පාර දෙපැත්තේ මුහුදේ ප්ලාස්ටික් ටොන්  ලක්ෂ හතරක් වසරකට පා කරන බවද මාන්නප්පෙරුම  මහතා සඳහන් කළේය.