IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වසරක් ඇතුළත අලි මිනිස් ගැටුමට තිත

(අංජුල මහික වීරරත්න)

වන අලි හා මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට තීරණය කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙි.

අලි - මිනිස් ගැටුම ලබන වසරේ අවසන් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමග සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතු බවත්, ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

පසුගිය වසර තුනේ අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව 2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වසරේ වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබෙන බව වනජීවී අමාත්‍යාංශය සඳහන් කරයි.

2022 වසරේ පළමු මාස හතරේ අලි - මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබෙන අතර මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්, වන අලි මරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ 08ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

 



අදහස් (10)

වසරක් ඇතුළත අලි මිනිස් ගැටුමට තිත

ganegoda Sunday, 14 August 2022 12:05 PM

මහදැන මුත්තා වගේ බක පන්ඩිත කම් කියවන්නේ නැතුව කෙරුවනම් නේද ඇඟට ගුණ.

:       0       14

Smith's dasanayake Sunday, 14 August 2022 01:29 PM

අර කොටියා බේරගත්තා වගේද?

:       0       12

දාස Sunday, 14 August 2022 01:38 PM

මේකගෙ වැඩ ඔක්කොම කටින් විතරයි.

:       0       0

ravin Sunday, 14 August 2022 02:02 PM

හරිනේ..! පිහිටුවන්න යන්නේ සර්ව පාක්ෂික එකක්ලු නේද? එතකොට අලි, පොහොට්ටු, අත, ටෙලිෆෝනය වගේ එකිනෙකාට ගැටෙන්න බැහැනේ..! කොයිවටේ හරි කැරකිලා දුප්පතාව රවටාගන්න.

:       0       10

Ruhunu Sunday, 14 August 2022 03:45 PM

අන්න කියනකොටම අනවසර විදුලි රැහැන් ඇදලා තුන් දෙනෙක් මරලා... පුළුවන් නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න..

:       1       7

ajithSunday, 14 August 2022 06:03 PM

එතකොට අලි ගහලා දුප්පත් ගොවීන් මැරුණම, ඒකට කාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කරන්නේ?

:       1       4

විජේ Sunday, 14 August 2022 09:23 PM

පහුගිය අවුරුදු 20ට මෙයා තියපු තිත් හැමතැනම. රට අද තියන තත්වෙට ඒ තිතුත් වගකියන්න ඕනෙ. පට්ටම හීන් නූල් සූත්තර කාරයෙක් මේ. කැලෑටිකට එහෙම පට්ට සැපක් දෙන්නෙ මෙයාගෙ කට්ටිය.

:       0       4

Perera Monday, 15 August 2022 04:49 AM

කරයි ඉටිගෙඩියක් අවුරුද්දකින්.

:       0       1

gameing07 Monday, 15 August 2022 08:06 AM

මම අලියෙක් උනා නම් ඉස්සෙල්ලාම ගහන්නේ ඔහේට ..

:       0       3

Bunny Preena Monday, 15 August 2022 08:45 AM

මේ අහපල්ලා ළමයෝ ලස්සන බයිලා අල්ලා ගනිල්ලා නැත්න්නම් ඉල්ලා ගනිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site