මඩකළපුවේ පසුගිය වසර පහේ අලි පහර දීමෙන් 37 දෙනකු මිය ගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

2016 වසරේ පමණක් අලි ප්‍රහාරවලින් මිය ගිය ගණන හත් දෙනකු බව ද එම කාර්යාලය සඳහන් කරයි.

සඳුදා (03) ද මඩකලපුව කරඩියනාරුවේ දී අලි ප්‍රහාරයට ලක්වූවකු මිය ගියේය.

පරිසරවේදීන් කියනුයේ කැලෑ එළි කිරීම නිසා වල් අලින් ගම් වදින බවයි.