ගතවූ මාස කිහිපයේ උතුරු පළාතේ රක්ෂිත හා ගම්මාන ආසන්නයේ සිදුවූ වල් අලි මරණ 35ක් පමණ වාර්තා වී ඇතැයි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බි.ගිරිදරන් මහතා පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේදී දුම්රියෙහි ගැටී අලි ඇතුන් හත් දෙනකු පමණ මිය ගිය බව ඔහු කියයි.
උතුරු පළාතේ සිටින අලින් ගණන 100 ත් 150 පමණ වන අතර එහි ලොකුම අලි රංචුව කිලිනොච්චිය මුතිඅයියන්කට්ටු හා කොකාවිල් රක්ෂිතයේ සිටින අතර එම අලි රංචුව ආහාර සොයා යාපනය මහනුවර ඒ නවය මාර්ග ආසන්නයට පැමිණීමේ ප්‍රවණතාවය වැඩි වී ඇතැයි කියති.
කිලිනොච්චි වනජීවි පශුවෛද්‍ය නිලධාරීවරයා පැවසූයේ උතුරේ වැඩිවන අලි පරපුර රැක ගැනීමට ක්‍රියා නොකළහොත් තවත් වසර දහයකින් වල් අලින් උතුරේ නැතිවී යන බවයි.
මඩු සිට සිලාවතුර ජාතික වනෝද්‍යානයේ වන විනාශය දිවියන් , වලසුන් හා සෙසු සතුන්ගේ ජීවිතද විනාශ වී යතියි පශු වෛද්‍යවරයා පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර හා වනජීවි අමාත්‍යංශ වෙත වෙන්කරන මුදල් වල ප්‍රතිඵලය කෝ? (නි)
කයිවාරු ගහන දේශපාලුවෝ පරිසරය ගැන සිතන්න. ලංකාවේ පණ්ඩිතයන්ගේ කට විතරයි (නි)
ලෝකය මවිත කරන්න පුළුවන් විද්‍යාඥයෝ අපේ රටේ වැහිවැහැලා. නූතන තාක්ෂණය භාවිතා කරලා අලි ඇතුන් දුම්රිය මාර්ග හා වගාවන් අසළට ඒම වළක්වා ගතහැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් දියුණු කරන්න උත්සාහ කරන කිසිම දේශීය විද්‍යාඥයෙකු ගැන මේ වනතෙක් අප අසා නැහැ. එවැනි ක්‍රමවේදයක් බටහිරට විකුණා ගැනීමේ අපහසුවත්, බොහෝවිට ඉන් සතාටත්, අසරණ ගොවියන්ටත් පමණක් යහපතක් වේයැයි ඔවුන් සිතනවාද විය හැකියි. (නි)
ලෝකයේ අන් රටවලට හිමි නොවුණු වටිනා සත්ව සම්පතක් හිමිවූ අපට තවමත් එම සත්ව පරපුර ආරක්ෂා කරගන්න නොහැකිවීම කණගාටුවක් මෙන්ම ඉතාම ලැජ්ජාසහගත දෙයක් (නි)
වන විනාශයට වගකියන්න ඕනෑ දේශපාලකයෝ. දේශපාලකයාගේ පාඨය තමයි ‘අපට කළ නොහැක්කක් නොමැත' (නි)
වනයට සිවුපාවුන්ට ආදරේ නැත්තේ මොන ජාතියද කියලා මුළු ලෝකෙම දන්නවා. (නි)