වසර දෙකක මාස තුනක දී පමණක් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අදි ශිෂ්‍ය සංගම් ගිණුමකට රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැට එක් දහසක් බැර කර ඇති බව ද, පාසලට ළමයින් ඇතුළත් කිරීමේ එම මුදල එකතු කරන්නට ඇතැයි පෙනී යන බව ද එම පාසල සම්බන්ධයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයක දී හෙළි වී ඇත.
විද්‍යාලයයට සිසුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ නොතකා මුදල් අය කරන බවට විගණනය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව පසුගිය ඔක්තෝබර මාසයේ මෙම විශේෂ විගණන පරීක්ෂණය සිදු කර තිබේ.
ළමයින් ඇතුළු කිරීමේ දී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් හා ඊට ගනු ලබන ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්ට ලිඛිතව දන්වා ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආංචි කියයි.
2013 සහ 2014 වසරව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ගැන විගණනය වැඩි අවධානයක් යොමු කර තිබිණි.
එම පාසලට ළමයින් ඇතුළු කිරීමේ දී ආදි ශිෂ්‍ය සංගමය දෙමාපියන්ගෙන් මුදල් එක් රැස් කර ආදි ශිෂ්‍ය සංගමයේ බැංකු ගිණුමට බැර කරගෙන ඇති බව නිරීක්ෂණය වූ බවත්, 2012 අගෝස්තු, 2013 ජූලි, සැප්තැම්බර සහ ඔක්තෝබර මාසවල පමණක් රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැට එක් දහසක් පමණ ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර වී තිබුණු බවත්, ඒ කාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් වෙනත් විශේෂ ව්‍යාපෘති සිදුකර නොතිබුණු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්ට දන්වා යවා ඇත.
එම මුදල් ලැබුණු ආකාරය ගැන ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් විමසුවක් පිළිතුරු නැති බව ද විගණන වාර්තාවේ සඳහන්ය.
එක ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම පළමු වාරයේ අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිතව දන්වා තිබුණ ද පසුගිය සැප්තැම්බර මාසය වන තෙක් සිසුන් ඇතුළත් කර ඇතැයි ද, දෙවැනි හා තුන්වැනි වාර වල ඇතුළත් කර ඇති සිසුන් ගණන 142ක් යැයි ද විගණනයේ දී හෙළි වී ඇත.
සුදුසුකම් සැපිරූ දරුවන් පාසලට ඇතුළත් නොකර වෙනත් දරුවන් ඇතුළු කර ඇති බව ද විගණනකාධිපති දෙපාර්තමේන්තුව උදාහරණ සහිතව අධ්‍යාපන ලේඛම්ට දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු වැටුප් හැරුණු විට පාසලක දෛනික මුදල් අවශ්‍යතාවලින් සුළු කොටසක් පමණයි රජයෙන් ලැබෙ. මෙවැනි ප්‍රශ්නවලට මූලික හේතුව ඒකයි.(අ)
මේ පෙන්නලා තියෙන්නේ නියම ගණන නෙමෙයි. ප්‍රධාන පෙලේ පාසලකට රුපියල් ලක්ෂ 10 සිට 15 අතරේ ගණනක් ගෙවන්න වෙනවා. එහෙම බැලුවම මේ පෙන්නන ගණන ඖරුද්දට සිසුන් 7ක් හෝ 8ක් ගත්ත විදියට තමඊ පෙන්නන්නේ. ඇත්ත ගණන මේවගේ පස්ගුණයක් විතර වේවි. (අ)
මල්ලී ඕවත් වැඩද?. සතියකට කෝටි දහයක් පහලවක් එන ගිණුම් තියෙද්දී, මල්ලී ඕවත් වැඩද?. මල්ලී ඕවත් වැඩද? අනේ ඕවත් වැඩද? (නදී)
ඇත්තද?ලොකු සල්ලි ගොඩක් නේද ? මතක් කරපු එක ලොකු දෙයක්. ඔය ගැන නම් මට මොකුත් මතක නෑ. (නදී)
නාලන්දා විදුහල (නදී)
ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ හොඳම ප්‍රතිපල ලබන්න නම් සල්ලි කාරයෝ වෙන්න ඕන. මේක අද ඊයේ දෙයක් නෙවේ කාලයත් එක්ක ගාන නැගල. එහෙත් නිදහස් අධ්‍යාපනයේ පියා ඉන්න තැනක ඉඳල අඬන වැඩක්. (ස)
අද සියලුම ජනප්‍රිය පාසැල් නඩත්තු වෙන්නෙ ආදි ශිෂ්‍ය අරමුදල් වලින්. රජයෙන් පාසැල් දියුනුවට මොනවද කරලා තියෙන්නෙ කියලා හොයන්නෙ නැත්තෙ ඇයි. ඇත්තටම අමාත්‍යශයෙන් වෙන්නෙ අධ්‍යාපනය විනාශ කිරිම පමනයි. (නදී)
ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති විදුහල්පතිතුමයි. මෙය ඇමති කෙනෙකුගෙන් අරගත්තා විය හැකියි. සුදුසුකම් අැති දුප්පත් ළමුන්ට කරන අපරාධයට උපරීම දඬුවම දිය යුතුයි. පාසැලේ නම හෙලිකරනවා නම් ජාතික සේවයකි. (නදී) අගේන්ට්
ජාතියට හෙටක් බිහිකර දෙන පුරවැසියන් බිහි කරණ ආයතනයක කටයුතු මෙහෙම නම් ජාතියේ අනාගතය ගැන අපට හිතා ගන්න පුළුවන්. ලබන සැරෙත් මෙයාටම ඡන්දෙ දීල මේ ක්‍රමයම තියා ගමු. එතකොට අපට හෙටක් නැතිව හරි ජීවත් වෙන්න පුළුවන්. (නදී)
බන්දුල ගිය ඉස්කෝලේ මොකක් වුනත් ආදී ශිෂ්‍යයෙක් වශයෙන් අඩු ගානේ එතන ශ්‍රමදානයකටවත් ගිහිල්ල තියනවද ? දැන් එතකොට ඔයාගේ ළමයින් ඉන්නවා නම් ඔයාගේ පාසල ජනප්‍රිය පාසලක් නම් , ඔයා ළමයින්ව ඉස්කෝල යවන්න මායිම් ගමකට අරන් යනවද. කොහොම හරි ඒකටම නේද ළමයින්ව රිංගව ගන්න බලන්නේ. කුහකකම කට දෙපැත්තෙන් බේරෙනවා බන්දුල. (නදී)
අද බොහොමයක් ජනප්‍රිය පාසල් දියුණු වෙලා තියෙන්නේ ආදී ශිෂ්‍යයන්ගේ පරිත්‍යාග සහ අනුග්‍රහය නිසා මිසක් බන්දුල පෙරේරා වගේ දේශපාලන අන්තේවාසිකයන්ගේ පුහු විවේචන නිසා නෙවෙයි. ඉස්කෝලේ යන කාලේ ආදී ශිෂ්‍ය ළමයෙකුගෙන් බන්දුල හොඳ සම්බුවක් කාලා තියන හැඩයි. (ස)
මා කොළඹ විසාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. ආදී ශිෂ්‍ය පදනමෙන් දරුවත් පාසලට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයේදී පරීෂණයට පෙර ලබා දුන් පෝරමයේ මුල්ම ප්‍රශ්නය, ඊළඟ වසරේ පාසලට කොපමණ ආධාර මුදලක් ලබා දෙනවාද යන්නයි. සමහරු ලක්ෂ 5-10 ලිව්වා . මාත් ලිව්වා. නමුත් මම දැම්මේ නැහැ දරුවාව. ඔහොම මුදල් ගසා කනවට මම කැමති නැති නිසා. නමුත් වැස්සකටවත් විසාඛාවට නොගිය ඕනෑතරම් අය තමුන්ගේ ළමයි දාගෙන තියනවා. මෙය ඉතා අසාධාරණයි. (නදී)
මටත් ඔය අත් දැකීම තියනවා. කොළඹ ජාතික පාසලක ආදි ශිෂ්‍යකු වන මා 2015 වර්ෂයට මාගේ පුතාව ආදිශිෂ්‍ය ඝණයෙන් පාසලට දාන්න හිතාගෙන අයදුම්පත් දැම්මා. අමාත්‍යංශයේ සම්මුක පරික්ෂණයට ඉස්සෙල්ලා ආදිශිෂ්‍ය සංගමයේ සභාපති වෙනම සම්මුක පරික්ෂණයක් කැඳවලා තිබුනා. එ්කේදි මට කිව්වා රු ලක්ෂ 5 ක් දෙන්න පුලුවන් නම් මගේ දරුවාගේ ඇතුලත් කිරීම ඒ වෙලාවෙම සහතික කරන්නම් කියලා. මම කැමති උනේ නෑ.ඒ නිසා මගේ දරුවා තෝරා ගෙනත් නෑ. නම වේටින් ලිස්ට් එකේ තියෙනවා. සල්ලි දීපු ආදි ශිෂ්‍යන්ගෙ දරුවෝ තමයි ගන්නෙ කියලා මට හොදින්ම තේරුනා. (නදී)
ඔක්කොටම කලින් පාසලේ නම දැන ගන්න අපි කැමතියි. කවුද දන්නේ මේවා අපේ ළමයින් යන තැන් ද කියල. එතන හැමදාම සම්මාදම් එකතු කිරිල්ලම තමයි. (නදී)
චමිලා මම ඔබ සමග එකඟයි. මගේ අම්මත් මමත් අපි දෙන්නාම විසාඛාවේ ආදී සිසුවියන් වෙලා මගේ දරුවාව පාසලට ඇතුලත් කරගත්තේ නැහැ. අන්තිමේ මොහොතේ මගේ දුව ලැයිස්තුවෙන් කැපී ගියේ එක්තරා දේශපාලක දරුවෙක් ඇතුලත් කර ගත්ත නිසා. දැන් මම ඉන්නේ පිටරටක. මගේ දුව දැන් මේ රටේ ශිෂ්‍යත්වයක් ලබා ඉස්තරම් පාසලක අනු ශිෂ්‍ය නායිකා ධුරය දරනවා. නිදහස් අධ්‍යාපනය ලබා උගතුන් ලෙස රටට සේවය කරන්න සිටි අයව රටින් එලවා ගන්නේ දේශපාලුවන්. අපි රටින් පිට වුයේත් අපේ දරුවන්ට සිදුවන අසාධාරණය සදාකාලික ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්න බැරි නිසා. එහෙම නැතිව අපිට මේ රට යන්න අමුතු උමතුවක් තිබුන නිසා නෙවෙයි. (නදී)
නම කියන්නකෝ..ඉස්කෝලේ නඩු දාන්නේ නැහැනේ..විගණකාධිපති කියනවනම් තව මොනවා හන්ගන්නද ? මේ ප්‍රධාන පෙලේ පාසල්වලින් ප්‍රාථමික අංශ අයින් කරලා රටේ ඕනෑම සමත්කම් දක්වන්න සුදුසුකම් සපුරන දරුවෙකුට මේ පාසල්වල දොරටු විවර කරලා දෙන්න මේ ආදී ශිෂ්‍ය සංගම් මාපියාව බිදලා දාන්න මේ රටේ අධ්‍යාපන බලධාරීන්ට කොන්දක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (අ)
අද පගාවක් නොදී මොකක්ද කරගන්න පුළුවන්! අඩුම තරමේ ආදිශිෂ්‍ය ගිනුමටහරි බැර කරලා තියෙන එක ලොකු දෙයක් ලොකු ලොක්කන්ගේ සාක්කුවලට බැර නොවී.(අ)
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති, පාසැලේ විදුහල්පති නේද....? (අ)
නම ගම විස්තර හෙළි කළොත් ජනතාව අවදිවෙයි. (අ)
කළුතර පැත්තේ ලොකුම බාලිකා පාසලකත් ඔහොම දේ වෙනවා. හොයන්න බලන අයට දුවන්න වුනාලු. ආණ්ඩුව නම් සම්බන්ධ නැහැලු එත් මැඩම්ගේ බලයට ගොඩ දෙනෙක් යටලු ඒ නිසා ඇමතිට කියල වැඩකුත් නැහැලු. දුප්පත් ළමයි යට සල්ලි තියන ළමයි උඩ. හොයල බලන්න බෑන්ඩ් එක යන හැටි. (අ)