කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීමට අනුබල දුන්නැයි වසර දෙකක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ලකින් අද ඇප ලැබීය.
රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මාදා හැරි ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවිණි.
සෑම සතියකම බදාදා සහ සිකුරාදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සේනාරත්න මහත්ම මහත්මීන්ගෙන් විනිශ්ච මණ්ඩලය සමන්විත විය.
ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් පස් දෙනකුට එම කොන්දේසි මතම ඇප ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි අනේ ඔයා ඉස්සර පත්තර කියවල නැද්ද. වාස් කියන්නේ ඉතාම හොඳ කෙනෙක්.(නදී)
මේතුමා ගොඩක් දක්ෂ පොලිස් නිලදාරියෙක් පුද්ගලික පළි ගැනීම් වලට මේ තුමාගේ වටිනා කාලය නැති කරනවා. රටට මේ තුමා මොන තරම් සේවයක් කරලා තියනවා ද (නදී)
නිමල්,ඉක්මනට ගිහින් මොළය පරීක්ෂා කරගන්න (නි)
අනේ උපාලි, මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉන්න (නි)
ඔව් ලලිත් මහත්මයා, කියන්න බලන්න. අපි දන්නවා හොඳට මෙයාලා ගැන (නි)