(රංජන් කස්තුරි)
අධ්‍යාපන විද්‍යාපීඨවලට වසර තුනකින් සිසුන් බඳවා ගෙන නැතැයි වාර්තාවේ.අධ්‍යාපන විද්‍යාපීඨ වලට වසරකට සිසුන් 3500ක් පමණ ගුරු පුහුණුව සඳහා බඳවා ගන්නා අතර එමගින් වාර්ෂිකව ඇතිවන ගුරු හිඟයට විසඳුම් ලබා දෙන බවද ගුරු සංගම් සඳහන් කරයි.
අවසන් වරට විද්‍යාපීඨවලට සිසුන් බඳවාගෙන ඇත්තේ 2015 වසරේ වන අතර ඉන්පසුව 2016 , 2017 සහ 2018 වසර සඳහා බඳවා ගැනීම් සිදුකර නැත.
රටපුරා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් තිබෙන අතර වාර්ෂිකව ගුරු පුහුණුව සඳහා ඒවාට සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවානම් බොරු...
උපාධි ධාරීන්ට ගුරුපත්වීම් දුන්නා නම් ඉවරයි. ඔයටික වහලා දාන්න තියෙන්නේ.
අප්පුහාමි ඔබේ නම නම් හරියටම ගැලපෙන එකක්... උපාධිය තිබූ පමණින් ගුරු පත්විම් ලබාගත් පමණින් ගුරුවරුන් වෙන්න බෑ. ඒකට ළමයා කියන්නේ කවුද කියා හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ගුරුවරයෙකුට ඒ පිළිබඳව දැනුම නැතුව සාර්ථක වෙන්න බෑ. විද්‍යාපීඨ වලින් කරන්නේ ඒ සඳහා පුහුණුවක් ලබාදීම. ඒ පුහුණුව සාර්ථක ගුරුවරයෙකුගේ අඩිතාලමයි. දියුණු රටවල ගුරුවරුන් හට උපාධිය සමග අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමාව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එහෙම නැතිනම් අධ්‍යාපනය පිළිබඳව උපාධිය තිබිය යුතුයි.
කුමාර ඔබ හරි
උපධි ධාරින්ට වසරක ගුරු පුහුණුවක් ලබා දීල රජයේ ගුරු පත්වීම් දෙන්න
වසර 2න් දෙකට නේද විද්‍යා පීඨවලට සිසුන් ඇතුලත් කරන්නේ ? 2017 වසරේ අයදුම්පත් කැඳවා තිබුණ .මතකයි.
පට්ටපල් බොරු... 2018 වසරේදී සියලුම පීඨවලට සිසුන් බඳවාගත්තා. මගේ දුවත් තේරුණා.
විද්‍යාපීඨවල අය සුදු අඳින්නේ මොකද? දන්නේ නැති නිසා අහන්නේ...
2018 ගත්තේ 2015 විභාග කරපු ළමයි.. 2016 උ.පෙළ කරපු ළමයි තාම ගෙවල්වල.. හරි නම් මේ වනවිට අයදුම්පත්‍ර කැඳවන්න ඕනේ. එ්ත් තාම නෑ. කතාව අැත්ත. අවුරුදු 3ක ළමයි තාම අරන් නෑ..