ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
2015 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූයේ තිලකරත්න ඩිල්ෂාන්ය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් ඩයලොග් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර වසරේ එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද ඇන්ජලෝ මැතිව්ස්ට සම්මාන හිමිවිය.
2015 වසරේ එක්දින පිතිකරු ලෙස කුමාර් සංගක්කාර ද ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් ද සම්මානයට පාත්‍ර විය. වසරේ එක්දින පන්දු යවන්නා සම්මානය ලසිත් මාලිංගට හිමිවන විට ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවූයේ රංගන හේරත්ටය.
වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය කුසල් මෙන්ඩිස් හිමිකර ගත්තේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් තිබ්බා කියලා දන්නෙත් දැන්. (ර)
දොන්, ඉස්කෝලේ යන කාලේ ජිල් බෝලයක්වත් අල්ලලා තියෙනවා නම් ඔයාට ප්‍රනීත්ගේ අදහස මෝඩ කතාවක් විදිහට පෙනෙන්නේ නැහැ. (නි)
අනේ ප්‍රනීත්, මෝඩ කතා කියන්න එපා (නි)
වසරේ හොඳම ගොන් කතාවට සම්මානයක් දුන්නොත් ඒක ප්‍රනීත්ට. (බ)
මැතිව්ස් හොද නායකයෙක් නොවේ. පුහු ආඩම්බරකාරයෙක් විතරයි. මහේලාලට සංගක්කාරට ළංවෙන්න හිතන්නවත් බෑ (බ)
ඔය සල්ලි වියදම් කරලා පොඩි ස්කොලෙක ක්‍රිකට් බෝලයක් අරන්දුන්නනම් මොකද වෙන්නේ (ර)
උපුල් තරංග දිගටම කණ්ඩායම් නායකත්වයේ තබාගත යුතුයි. කණ්ඩායම වෙනස් කරන්න එපා. කව්රුහරි දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වුණොත් එතකොට මැතිව්ස්ට, චන්දිමාල්ට අවස්ථාවක් දෙන්න. එතෙක් මැතිව්ස් චන්දිමාල් එළියෙන් තියන්න. දැනට මේ නැගීගෙන එන කණ්ඩායම වෙනස් කරන්න එපා.
ප්‍රනීත් හරි. මේ වෙලාවේ කණ්ඩායම වෙනස් කරන්න හොඳ නැහැ. මැතිව්ස් චන්දිමාල්ලත් මහේල සංගලා වගේ තරුණයන්ට අවස්ථාව දෙමින් විශ්‍රාම යා යුතුයි.