හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට පිරිනමා තිබූ රජයේ නිල නිවාසය දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා වෙත පිරිනැමීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මෙම නිල නිවස සම්බන්දන් මහතා වෙත ලබා දී තිබේ.
සම්බන්දන් මහතාට නිල නිවසක් ලැබුණේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්වී වසර එකහමාරකට පමණ පසුවය. ඔහුට නිල නිවසක් ලබා දී නැතැයි මාධ්‍ය කිහිපයක් පසුගිය කාලයේ අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි කළ දේ.(හේ)
වසර එකහමාරක් කල් ගතිපු එක ඉතාම අසාධාරණයි. සමහර පරාද වෙච්ච දේශපාලකයින් අවුරුද්දක් විතර කල් ගන්නවා ගෙදරින් යන්න. (අ)
නිල නිවසක් අවශ්‍ය වෙන්නෙත් නෑ.(හේ)
ඇයි නිල නිවස දෙන්න පරක්කු වුනේ.(හේ)
ඊලගට දෙන්න සුදුසුම කෙනාට , සුදුසුම තැන හම්බවෙලා...(අ)
මේ තනතුරු වලට අදාළව නිල නිවාස වෙන වෙනම වෙන්කර තියනවා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ. කමක් නැහැ. සටන එහෙ වුණාට පදිංචිය මෙහේනේ. (නි)
අපේ රටේ දිවින්ගත වුන, අභාවප්‍රාප්ත වුන, දේශපාලනඥයෝ හරියට කෙලෙස් නසපු, කිසිම දෙයකට තණ්හාවක් නැති, කෙලින් කතා කරන, සාධාරණ අයයි කියල බොහෝ අය ප්‍රකාශ කළාට එහෙම නැති වගයි පෙනෙන්නේ. (අ)
ලුම්බිණි කියන එක හරියටම හරි (නි)
විපක්ෂ නායකට නිල නිවාසය දෙන්න වසර එකහමාරක් ගියානම් දුප්පත් මිනිසුන්ට ගෙවල් 30000ක් හදන්න කොච්චර කාලයක් යාවිද (නි)
මෙතන රජයේ නිල නිවාසය අවභාවිතයක් එහෙම වෙලා නැතුව ඇති. (නි)
දැන් ඉතින් කට්ටියක් කියයි ඔන්න දෙමළ අයට දෙන්න තියෙන ඔක්කොම දෙනවා කියල.(අ)
මැරෙනකන්ම ඉන්න වෙනවා නිල නිවාසය අාපහු ගන්න. (අ)