IMG-LOGO

වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක්

(අංජුල මහික වීරරත්න)

වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

එම සමුළුව අගෝස්තු 12වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී තරුණ තරුණියන් 6000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවතද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002 කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන් බවත් ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Youth club පිහිටුවීම ආරම්භ කරන විට එතෙක් පිහිටුවා තිබූ තිබූ Youth club වලින් වැඩි‍ ප්‍රමාණය අක්‍රිය මට්ටමේ පැවති බවත්, දිස්ත්‍රික් සම්මේලන 6ක් පවත්වා නොමැති තත්ත්වයක් පැවැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති,අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ මේ වන විට ජාතික සම්මේලනය සඳහා තේරී පත්ව සිටින තරුණ තරුණියන් 52 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක්

පන්සිළු Monday, 11 August 2025 12:16 PM

මාලිමාකරණය කරන්න. ඒ අන්තවාදය ඔඩුදුවනවා...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 604 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site